2nd October 2025
යුද්ධ හමුදා ප්‍රසම්පාදන ක්‍රියාවලියට අදාළ රේගු ක්‍රියා පටිපාටිය පිළිබඳ විශේෂ දේශනයක් යුද්ධ හමුදා මූලස්ථානයේදී සැලසුම් අධ්‍යක්‍ෂ මණ්ඩලය විසින් 2025 සැප්තැම්බර් මස 30 දින පවත්වන ලදී.
රේගු නියෝජ්‍ය අධ්‍යක්‍ෂ මිහිරාජ් අබ්දුල්ලා මහතා විසින් මෙම දේශනය පවත්වන ලද අතර, එහිදී යුද්ධ හමුදා ප්‍රසම්පාදන ක්‍රියාවලීන් විධිමත් කිරීම සඳහා අත්‍යවශ්‍ය රේගු රෙගුලාසි සහ ක්‍රියා පටිපාටීන්හි ප්‍රායෝගික අංශ කෙරෙහි අවධානය යොමු කරන ලදී.
මෙම දේශනය සඳහා නිලධාරින් සහ සෙසුනිලයන් 150 කට වැඩි පිරිසක් සහභාගී වූහ.