11th October 2025
ශ්‍රී ලංකා යුද්ධ හමුදා අභ්‍යන්තර කටයුතු ඒකකය විසින් 2025 ඔක්තෝබර් මස 07 දින යුද්ධ හමුදා මූලස්ථානයේ සියලුම ශාඛා සහ අධ්‍යක්‍ෂ මණ්ඩලයන්හි රාජකාරි කරනු ලබන යුද්ධ හමුදා සාමාජිකයන්ගේ සහභාගීත්වයෙන් දැනුවත් කිරීමේ වැඩසටහනක් යුද්ධ හමුදා මූලස්ථානයේදී පවත්වන ලදී.
මෙම වැඩසටහනේදී යුද්ධ හමුදා ආයතන තුල ඇති පද්ධතිමය බධාවන් නිවැරදිව හදුනාගැනීමටත්, ඒවා මඟහරවා ගැනීමටත්, ආයතනයක් ලෙස ක්‍රියාකල යුතු ආකාරය හා එමඟින් කාර්යක්‍ෂමතාවය හා නිවැරදිභාවය රැකෙන පරිදි කටයුතු කළ යුත්තේ කෙසේද යන කරුණු පිළිබඳව මෙන්ම දූෂණ අවදානම් සහ අල්ලස පිළිබඳව අවබෝධයක් ලබාදීම කෙරෙහි අවධානය යොමු කරන ලදී.
මෙම දැනුවත් කිරීමේ වැඩසටහන මේජර් ආර්.ආර්.අයි රොද්‍රිගෝ විසින් සිදුකරන ලදී.