2nd August 2025
වැලිසර, නාවික හමුදා ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී 2025 ජූලි මස 21 සිට 24 දින දක්වා ‘13 වන ආරක්‍ෂක සේවා පැසිපන්දු තරඟාවලිය 2024/2025’ පැවති අතර එම තරඟාවලියේ අවසන් මහා තරඟයේදී ශ්‍රී ලංකා යුද්ධ හමුදා පිරිමි පැසිපන්දු කණ්ඩායම අඛණ්ඩව තෙවන වරටත් ශූරතාව දිනාගැනීමට සමත්වූහ.
තියුණු තරඟයකින් අනතුරුව, යුද්ධ හමුදා පිරිමි පැසිපන්දු කණ්ඩායම විසින් ශ්‍රී ලංකා ගුවන් හමුදා පිරිමි පැසිපන්දු කණ්ඩායමට එරෙහිව ලකුණු 79–65 ක් ලෙස ජයග්‍රහණය හිමිකරගන්නා ලදී. තරඟාවලියේ දක්‍ෂතම ක්‍රීඩකයා ලෙස 1 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ සාමාන්‍ය සෙබල පී.එස්.එම් ගමගේ සහ දක්‍ෂතම ආරක්‍ෂක ක්‍රීඩකයා ලෙස 6 බලඇණිය ගජබා රෙජිමේන්තුවේ ලාන්ස් කෝප්‍රල් කේ.ඩබ්ලිව්.ඒ කමතේවත්ත සම්මාන හිමිකරගත්හ.