28th August 2025
ප්‍රථම වරට පවත්වනු ලැබූ ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඔරු පැදීමේ ශූරතාවලිය යුද්ධ හමුදාවේ රෙජිමේන්තු මධ්‍යස්ථාන 08 ක් නියෝජනය කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන් 85 දෙනෙකුගේ සහභාගිත්වයෙන් 2025 අගෝස්තු මස 24 සිට 26 දින දක්වා දියවන්නා ඔරු පැදීමේ මධ්‍යස්ථානයේදී පැවැත්විණි.
මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදා ඔරු පැදීමේ කමිටුවේ සභාපති මේජර් ජෙනරල් එම්.ටී.අයි මහලේකම් WWV RWP RSP USP සහභාගි විය.
තරඟාවලියේ ශූරතාවය ශ්‍රී ලංකා සංඥා බලකාය දිනාගත් අතර අනුශූරතාවය දිනාගැනීමට ශ්‍රී ලංකා පාබල හමුදාව සමත්විය. මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් රැසක් සහභාගි වූහ.