2025-03-18 17:03:52
221 පාබල බලසේනාවේ බලසේනාධිපතිගේ මඟපෙන්වීම මත එම බලසේනාවේ 15 වන සංවත්සර දිනයට සමගාමීව 2025 මාර්තු මස 12 දින බලසේනා මූලස්ථානයේදී ලේ දන්දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී. මෙම වැඩසටහන සඳහා යුද්ධ හමුදා සාමාජිකයන් සහ පොලිස් නිලධාරින් ඇතුළු පරිත්‍යාගශීලීන් 61 දෙනෙකු ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී සිය රුධිරය පරිත්‍යාග කළහ.
2025-03-18 17:02:39
‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනට සමගාමීව 543 පාබල බලසේනාවේ බලසේනාධිපති කර්නල් එච්.එස්.ඩබ්ලිව්.කේ ගල්හේනගේ RWP RSP USP psc ගේ මඟපෙන්වීම මත එම බලසේනාව හා කොළඹ ශාන්ති ප්‍රජා සජීවිකරණ ආයතනය එක්ව තලෙයිමන්නාරම රජයේ දමිළ මිශ්‍ර පාසලේ සිසු සිසුවියන් වෙත මත්ද්‍රව්‍ය උවදුර පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් සහ එම පාසලේ සිසු සිසුවියන් 100 දෙනෙකු වෙත පාසල් උපකරණ බෙදාදීමේ වැඩසටහනක් 2025 මාර්තු මස 14 දින පවත්වන ලදී.
2025-03-18 16:47:30
1 බලකායේ 7 වන බලකාධිපති ලෙස මේජර් ජෙනරල් ඩබ්ලිව්.එම්.පී.එම් විජේසූරිය RWP RSP ndu, 2025 මාර්තු මස 17 දින කිලිනොච්චිය, 1 බලකා මූලස්ථානයේදී හමුදා සම්ප්‍රදායානුකූලව නව ධූරයේ රාජකාරි භාර ගනු ලැබීය.
2025-03-18 16:45:54
ධූරයෙන් නික්ම යන ආරක්ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් ජේ.පී.සී පීරිස් RWP RSP ndc වෙත ගෞරවාචාර පිරිනැමීමේ උත්සවයක් 2025 මාර්තු මස 16 දින එම ආරක්ෂක සේනා මූලස්ථාන පරිශ්‍රයේදී පැවැත්විණි.
2025-03-17 12:59:10
ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ 26 වන කර්නල් සේනාවිධායක ලෙස මේජර් ජෙනරල් ඊ.එම්.ජී.ඒ අඹන්පොල 2025 මාර්තු මස 12 දින පනාගොඩ පිහිටි එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී ධූරයේ රාජකාරි කටයුතු භාරගන්නා ලදී.
2025-03-17 12:58:24
2025 පෙබරවාරි මස 24 දින සිට 25 දින දක්වා බංග්ලාදේශයේ ඩකා හි පැවති ‘Droughts, Floods and Fault Lines: Climate Security in South Asia’ කලාපීය සමුළුවේදී ජාතික ආරක්ෂක අධ්‍යයන ආයතනයේ වැඩබලන අධ්යක්ෂ ජනරාල් සහ අධ්යක්ෂ (පර්යේෂණ) කර්නල් එම්.බී.බී.එන් හේරත් RSP විසින් දේශනයක් පවත්වන ලදී. බංග්ලාදේශයේ සාමය සහ ආරක්ෂක අධ්‍යයන ආයතනය විසින් සංවිධානය කරන ලද මෙම වැඩමුළුවේදී දේශගුණික විපර්යාස සහ කලාපීය ආරක්ෂාව සම්බන්ධයෙන් වැදගත් වන කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට දකුණු ආසියාතික රටවල් හයක විශේෂඥයින් රැස් වූහ.
2025-03-15 21:38:26
‘13 වන ආරක්ෂක සේවා ක්‍රීඩා උළෙල - 2025’ හි පැරෂුට් ශූරතාවලිය මාර්තු මස 13 සහ 14 දෙදින තුළ අම්පාර
2025-03-15 21:21:41
ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර මූලිකත්වයෙන් දියබෙදුම, කටුකෙලියාව සිංහල
2025-03-15 21:10:41
විශ්‍රාම දිවියට පා තබන යුධෝපකරණ මාස්ටර් ජෙනරාල් සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ
2025-03-15 13:52:21
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පොතුවිල්