2025-04-10 13:10:38
මාතර බන්ධනාගාරයේ සිරගතකල සිටි සිරකරුවෙකු 2025 අප්‍රේල් මස 9 දින නිල්වලා ගඟට පැන
2025-04-10 13:05:16
ආරක්ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් කේ.එම්.පී.එස්.බී කුලතුංග RSP ndc psc ගේ මඟපෙන්වීම සහ මන්නාරම දිස්ත්‍රික් රෝහල් රුධිර බැංකුවේ වෛද්‍ය කාර්යය මණ්ඩලයේ සහයෝගය මත එම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත යුද්ධ හමුදා ක්ෂේත්‍ර රෝහල් පරිශ්‍රයේදී 2025 අප්‍රේල් මස 09 දින රුධිර පරිත්‍යාග වැඩසටහනක් ක්‍රියාත්මක කෙරිණි.
2025-04-09 10:45:20
රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන ‘ක්ලීන් ශ්‍රී ලංකා‘ වැඩසටහනට සමඟාමීව යුද්ධ හමුදාධිපතිතුමන්ගේ මඟපෙන්වීම යටතේ සිවිල් ජනතාවගේ යහපැවැත්මට ප්රමුඛත්වයක් ලබාදීමේ අරමුණින් 232 පාබල බලසේනාව යටතේ ස්ථාපිත 4 බලඇණිය ගැමුණු හේවා බලකාය විසින් 2025 අප්‍රේල් මස 5 දින උන්නච්චිවිය ප්‍රදේශයේදී රුධිර පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් සංවිධානය කරන ලදී. මෙම ප්‍රදේශයේ පිහිටි රෝහල්වල රුධිර සංචිත ප්‍රමාණය ඉහල නැංවීමේ අරමුණින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන ලදී.
2025-04-08 15:36:25
අතිගරු ජනාධිපතිතුමන්ගේ සංකල්පයකට අනුව ‘ක්ලීන් ශ්‍රී ලංකා’ ජාතික ව්‍යාපෘතිය 2025 ජනවාරි මස 01 දින ආරම්භ කෙරුණු අතර, එහි පළමු අදියර යටතේ මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වෙතින් සංවිධානය කරනු ලැබූ ‘Save Nilwala’ ව්‍යාපෘතිය 2025 මාර්තු මස 13 දින ආරම්භ කෙරිණි. ඒ යටතේ ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් අකුරැස්ස ප්‍රදේශයේ නිල්වලා ගං ඉවුරු පිරිසිදු කරන ලදී. යුද්ධ හමුදාධිපතිතුමන් විසින් ලබා දී ඇති උපදෙස් ප්‍රකාරව මෙම වැඩසටහන සඳහා 3 (ස්වේච්ඡා) බලඇණිය ගැමුණු හේවා බලකා භටපිරිස් සිය ශ්‍රම දායකත්වය ලබාදුන්හ.
2025-04-08 12:57:26
21 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.පී.ඩබ්ලිව්. ඩබ්ලිව්.බී.ආර් පාලමකුඹුර RWP RSP ගේ මඟපෙන්වීම මත එම සේනාංකයේ අභිමානවත් 37 වන සංවත්සර දිනය සනිටුහන් කරමින් 2025 අප්‍රේල් මස 04 දින එම සේනාංක මූලස්ථාන පරිශ්‍රයේදී ආගමික වතාවත් මධ්‍යයේ හමුදා සම්ප්‍රදායානුකූල සැමරුම් උත්සවයක් පැවැත්විණි.
2025-04-07 16:30:04
‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනට සමඟාමීව, යුද්ධ හමුදාධිපතිතුමන් විසින් ලබා දී ඇති උපදෙස් ප්‍රකාරව සිවිල් වැසියන්ගේ යහපැවැත්ම නංවාලීමේ අරමුණින් 1 බලඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් විසින් ඉංගිරිය ප්‍රදේශයේ නිවාස අවශ්‍යතා ඇති පවුලක් සඳහා නව නිවසක් ඉදිකරන ලදී. 58 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ජේ.කේ.ආර් ජයකොඩි RWP USP විසින් 2025 අප්‍රේල් මස 02 දින එම නිවස ප්‍රතිලාභීන් වෙත භාර දෙන ලදී.
2025-04-07 00:13:18
ආරක්ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් කේ.එම්.පී.එස්.බී කුලතුංග RSP ndc psc
2025-04-07 00:13:15
පසුගිය දින වල පැවති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පදවිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් බෝගහවැව ග්‍රාම නිලධාරි කොට්ඨාශයේ පිහිටි කොලොන්ගොල්ල වැව් බැම්ම හානි වූ අතර, එහි ප්‍රතිසංස්කරණ කටයුතු 21 පාබල සේනාංකය යටතේ ස්ථාපිත 9 බලඇණිය ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් විසින් 2025 අප්‍රේල් මස 04 දින සාර්ථකව සිදුකරන ලදී.
2025-04-07 00:13:14
ශ්‍රී ලංකා යුද්ධ හමුදා මළල ක්‍රීඩා කමිටුවේ සභාපති මේජර් ජෙනරල් බී.ජී.එස් ප්‍රනාන්දු USP ගේ අධීක්ෂණය මත ශ්‍රී ලංකා යුද්ධ හමුදා මළල ක්‍රීඩා කමිටුව වෙතින් සංවිධානය කරනු ලැබූ 13 වන ආරක්ෂක සේවා මාර්ග ධාවන තරඟය - 2024/2025 පනාගොඩ යුද්ධ හමුදා ජනපදයේදී 2025 මාර්තු මස 23 දින පැවැත්විණි.
2025-04-07 00:13:13
233 පාබල බලසේනාව යටතේ ස්ථාපිත 9 වන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ භටපිරිස් විසින් පසුගියදා මහසෙන්පුර ගම්මානයේ ජල සැපයුම් ව්‍යාපෘතියක් ආරම්භ කරන ලදී.