යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධාන ගේ ප්‍රධානත්වයෙන් ‘බෞද්ධාලෝක වෙසක් කලාපය’ ආරම්භ කරයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධාන මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.සී.බී වික්‍රමසිංහ RWP RSP ndu psc ගේ ප්‍රධානත්වයෙන් 2025 මැයි මස 14 දින කොළඹ, බෞද්ධාලෝක මාවතේදී ‘බෞද්ධාලෝක වෙසක් කලාපය’ ආරම්භ කෙරිණි.

ජනාධිපති කාර්යාලයේ සමස්ත ලංකා බෞද්ධ සම්මේලනය විසින් සංවිධානය කරන ලද මෙම වැඩසටහන සඳහා බෞද්ධාගමික හා සංස්කෘතික වැඩසටහන් ඇතුළත් විය. වෙසක් තොරණ සහ පහන් කූඩු ප්‍රදර්ශනය, භක්ති ගීත ගායනය, සංස්කෘතික ප්‍රදර්ශනයක් සහ බෞද්ධ චිත්‍රපට ගීත ඉදිරිපත් කිරීමක් ද එහිදී සිදුකෙරිණි.