11th May 2025
නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධාන මේජර් ජෙනරල් ඒ.එච්.එල්.ජි අමරපාල RWP RSP ndc psc 2025 මැයි 09 දින මින්නේරිය යුද්ධ හමුදා මූලික රෝහලේ පාලන සංචාරයක නිරත වූ අතර එහිදී, නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධාන විසින් පාබල පුහුණු මධ්‍යස්ථානයේ පැරණි මූලස්ථාන ගොඩනැගිල්ල මෙන්ම වර්තමාන බාහිර රෝගී අංශය, වාට්ටු සහ PULHEEMS අංශය ද නිරීක්ෂණය කරන ලදී.
මෙම සංචාරයේ දී නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධාන විසින් පාබල පුහුණු මධ්‍යස්ථාන පැරණි මූලස්ථාන ගොඩනැගිල්ලේ නවතමයෙන් ස්ථාපිත කිරීමට යෝජිත දන්ත වෛද්‍ය අංශය, රෝගීන් ඇතුළත් කිරීමේ අංශය සහ බාහිර රෝගී අංශය යන අංශයන් ස්ථාපනය කිරීමට සැලස්ම් කර ඇති ස්ථානයන් නිරීක්ෂණය කරන ලදී.
එසේම එහිදී නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධාන විසින් පාබල පුහුණු මධ්‍යස්ථානයේ නවතමයෙන් ස්ථාපනය කිරීමට යෝජිත මෝටාර් වෙඩි තැබීමේ සිමියුලේටරය ඉදිකිරීමට යෝජිත ස්ථානය සහ පාබල පුහුණු මධ්‍යස්ථානයේ පැරණි මූලස්ථාන ගොඩනැගිල්ලේ ස්ථාපනය කිරීමට යෝජිත මින්නේරිය මූලික රෝහලේ ප්‍රථිකාර අංශයන් ඉදිකිරිමෙන් පසු පාබල පූහුණු මධ්‍යස්ථානයේ සිදු කරනු ලබන පුහුණු විම් වලට බාදාවක් ඇතිනොවන ලෙස ඉදිකිරීමට අවශ්‍ය තක්සේරු කිරීමද සිදු කරන ලදී.
පාබල පුහුණු මධ්‍යස්ථානයේ ප්‍රධාන උපදේශක සහ 5 බලඇණිය ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ අණදෙන නිලධාරි ඇතුළු කාර්ය මණ්ඩලය නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධාන සමඟ මෙම සංචාරය සඳහා එක්විය.