නවතම තොරතුරු

උණුසුම් පුවත්

ලෝක පරිසර දිනය නිමිත්තෙන් පැවති පැල සිටුවීමේ වැඩසටහනකට යුද්ධ හමුදාධිපතිතුමන් සහභාගී වෙයි

2026-06-06
ලෝක පරිසර දිනය නිමිත්තෙන් පැවති පැල සිටුවීමේ වැඩසටහනකට යුද්ධ හමුදාධිපත

ලෝක පරිසර දිනය නිමිත්තෙන් 2026 ජුනි මස 05 වන දින ‘වගකීමේ මුල් බැස – අනාගත පරපුර වෙනුවෙන් වර්ධනය වෙමු’ යන තේමාව යටතේ බත්තරමුල්ලේ පිහිටි යුද්ධ හමුදා කෘෂිකාර්මික ව්‍යාපෘති පරිශ්‍රයේදී විශේෂ රුක් රෝපණ වැඩසටහනක් පවත්වන ලදී. වර්තමානයේ සිදුකරන අර්ථවත් ක්‍රියාමාර්ග තුළින් පරිසර සංරක්‍ෂණය ප්‍රවර්ධනය කරමින් අනාගත පරපුර සඳහා තිරසාර උරුමයක් ගොඩනැගීම මෙම වැඩසටහනේ අරමුණ විය.

තව කියවන්න

‘විෂ්මිත හෙළ ඔසුව' ග්‍රන්ථයෙහි හි දෙවන වෙළුම යුද්ධ හමුදාධිපතිතුමන්ට පිළිගන්වයි

2026-06-05
‘විෂ්මිත හෙළ ඔසුව'  ග්‍රන්ථයෙහි හි දෙවන වෙළුම  යුද්ධ හමුදාධිපතිතුමන්ට

විශේෂ බලකායට අයත් කෝප්‍රල් එම්.අයි.එස්. බණ්ඩාර විසින් රචිත ‘විෂ්මිත හෙළ ඔසුව' ග්‍රන්ථයෙහි හි දෙවන වෙළුම 2026 ජුනි මස 05 වන දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ndu psc IG වෙත පිළිගන්වන ලදී.

තව කියවන්න

විශ්‍රාම දිවියට එළඹෙන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සේවය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පැසසුමට

2026-06-05
විශ්‍රාම දිවියට එළඹෙන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සේවය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ

වසර 33 කට අධික කීර්තිමත් යුද්ධ හමුදා සේවා කාලයක් සම්පූර්ණ කර නුදුරේදී විශ්‍රාම දිවියට එළඹෙන මේජර් ජෙනරල් ඒ.ඒ.ඩී.පී. කුලතිලක USP ndc psc, 2026 ජුනි මස 04 වන දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ndu psc IG හමුවිය.

තව කියවන්න

ධූරයෙන් නික්ම යන යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක වෙත එම බලසේනාවේ ගෞරවාචාරය

2026-06-04
ධූරයෙන් නික්ම යන යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක වෙත එම බලසේන

ධූරයෙන් නික්ම යන ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක ලෙස කටයුතු කරනු ලැබූ මේජර් ජෙනරල් යූ.කේ.ඩී.ඩී.පී උඩුගම RWP RSP USP ndc psc, වෙත හමුදා සම්ප්‍රදායානුකූල ගෞරවාචාරය දැක්වීමේ උත්සවයක් 2026 ජුනි මස 04 දින එම බලසේනා මූලස්ථානයේදී පවත්වනු ලැබීය.

තව කියවන්න

වෙසක් දිනය වෙනුවෙන් යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයෙන් දන්සල් වැඩසටහනක්

2026-06-03
වෙසක් දිනය වෙනුවෙන් යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයෙන්  දන්සල් වැඩසටහනක්

වෙසක් උත්සවය වෙනුවෙන් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ndu psc IG ගේ මඟ පෙන්වීම සහ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී ස්වෙන්ද්‍රිනී රොද්‍රිගෝ මහත්මියගේ අධීක්‍ෂණය යටතේ, 2026 මැයි මස 30 දින සිට 31 දින දක්වා දන්සල් වැඩසටහන් මාලාවක් සංවිධානය කරන ලදී.

තව කියවන්න

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නව නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධාන ධූරයේ රාජකාරි අරඹයි

2026-06-02
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නව නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධාන ධූරයේ රාජකාරි අර

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ තෙවන ජ්‍යෙෂ්ඨතම තනතුර වන නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධාන තනතුර සඳහා නවතමයෙන් පත්වීම් ලද ගජබා රෙජිමේන්තුවේ නිලධාරියෙකු වූ මේජර් ජෙනරල් යූ.කේ.ඩී.ඩී.පී උඩුගම RWP RSP USP ndc psc, 2026 ජුනි මස 02 වන දින යුද්ධ හමුදා මූලස්ථානයේදී සිය ධූරයේ රාජකාරි භාරගන්නා ලදී.

තව කියවන්න

මධ්‍යම සහ දකුණු ආසියානු රග්බි සත් සාමාජික කාන්තා රග්බි තරඟාවලිය 2026, විශිෂ්ට ජයග්‍රහණ හිමිකරගත් ශ්‍රී ලංකා යද්ධ හමුදා කාන්තා ක්‍රීඩිකාවන් යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පැසසුමට

2026-06-02
මධ්‍යම සහ දකුණු ආසියානු රග්බි සත් සාමාජික කාන්තා රග්බි තරඟාවලිය 2026,

කලාපයේ රටවල් 11 ක සහභාගිත්වයෙන් 2026 මැයි මස 16 සහ 17 යන දෙදින තුල උස්බෙකිස්තානයේ තෂ්කන්ට් නුවරදී පවත්වන ලද මධ්‍යම සහ දකුණු ආසියානු රග්බි සත් සාමාජික කාන්තා රග්බි තරඟාවලිය 2026 දී දක්ෂතා දැක්වූ ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා ක්‍රීඩිකාවන් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ලසන්ත රොද්‍රිගෝ RSP ndu psc IG විසින් යුද්ධ හමුදා මූලස්ථානයේදී ඇගයීමට ලක් කරන ලදී.

තව කියවන්න

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 69 වන මාණ්ඩලික ප්‍රධාන ධූරයේ රාජකාරි අරඹයි

2026-06-01
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 69 වන මාණ්ඩලික ප්‍රධාන ධූරයේ රාජකාරි අරඹයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ දෙවන ඉහළම ධූරයක් වන 69 වන මාණ්ඩලික ප්‍රධාන තනතුර සඳහා ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ මේජර් ජෙනරල් කේ.වී.එන්.පී. ප්‍රේමරත්න RSP USP nps psc 2026 ජූනි මස 01 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී රාජකාරි ආරම්භ කරන ලදී.

තව කියවන්න

යුද්ධ හමුදා මූලස්ථානයේ වෙසක් කලාපය යුද්ධ හමුදාධිපතිතුමන් ආලෝකමත් කරයි

2026-05-31
යුද්ධ හමුදා මූලස්ථානයේ වෙසක් කලාපය යුද්ධ හමුදාධිපතිතුමන් ආලෝකමත් කරයි

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ndu psc IG ගේ ප්‍රධානත්වයෙන්, 2026 මැයි මස 30 දින යුද්ධ හමුදා මූලස්ථාන වෙසක් කලාපය උත්සවාකාරයෙන් විවෘත කරන ලදී.

තව කියවන්න

යුද්ධ හමුදා භට පිරිස් වෙසක් උත්සවය සමරයි

2026-05-30
යුද්ධ හමුදා භට පිරිස් වෙසක් උත්සවය සමරයි

ආරක්ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් ජේ.එස්.බී.ඩබ්ලිව්. පල්ලේකුඹුර RWP RSP ndu psc ගේ ප්‍රධානත්වයෙන් එම ආරක්ෂක සේනා මූලස්ථානය භට පිරිස් විසින් 2026 මැයි මස 30 දින සෙවනපිටිය සාමවිහාරස්ථානයේදී වෙසක් උත්සවය සමරනු ලැබීය.

තව කියවන්න