‘විෂ්මිත හෙළ ඔසුව' ග්‍රන්ථයෙහි හි දෙවන වෙළුම යුද්ධ හමුදාධිපතිතුමන්ට පිළිගන්වයි
විශේෂ බලකායට අයත් කෝප්‍රල් එම්.අයි.එස්. බණ්ඩාර විසින් රචිත ‘විෂ්මිත හෙළ ඔසුව' ග්‍රන්ථයෙහි හි දෙවන වෙළුම 2026 ජුනි මස 05 වන දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ndu psc IG වෙත පිළිගන්වන ලදී.
survival and combat tracking උපදේශකයෙකු ලෙස කටයුතු කරනු ලබන කතුවරයාගේ අත්දැකීම් අනුව රචිත මෙම ග්‍රන්ථය මඟින් ඖෂධීය ශාක 200 ක් පිළිබඳව විස්තර කර ඇති අතර ඒවායේ ලක්ෂණ, ව්‍යප්ත කරන ක්‍රම සහ සාම්ප්‍රදායික වෛද්‍ය ප්‍රතිකාර සඳහා භාවිත කරන ආකාරය පිළිබඳව විස්තර කෙරේ. යුද්ධ හමුදාධිපතිතුමන් මෙම ග්‍රන්ථය ඇගයීමට ලක්කර එය භට පිරිස්හි භාවිතය සඳහා යුද්ධ හමුදා පුස්ථකාලය වෙත නිල වශයෙන් පිරිනැමීය.
මෙම අවස්ථාවට විශේෂ බලකායේ රෙජිමේන්තුවේ අධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.බී.එම්.කේ.ජී.කේ. වීරසේකර WWV RWP RSP USP AUSWC psc සහභාගී විය.