2026-06-06

ලෝක පරිසර දිනය නිමිත්තෙන් පැවති පැල සිටුවීමේ වැඩසටහනකට යුද්ධ හමුදාධිපතිතුමන් සහභාගී වෙයි

ලෝක පරිසර දිනය නිමිත්තෙන් 2026 ජුනි මස 05 වන දින ‘වගකීමේ මුල් බැස – අනාගත පරපුර වෙනුවෙන් වර්ධනය වෙමු’ යන තේමාව යටතේ බත්තරමුල්ලේ පිහිටි යුද්ධ හමුදා කෘෂිකාර්මික ව්‍යාපෘති පරිශ්‍රයේදී විශේෂ රුක් රෝපණ වැඩසටහනක් පවත්වන ලදී. වර්තමානයේ සිදුකරන අර්ථවත් ක්‍රියාමාර්ග තුළින් පරිසර සංරක්‍ෂණය ප්‍රවර්ධනය කරමින් අනාගත පරපුර සඳහා තිරසාර උරුමයක් ගොඩනැගීම මෙම වැඩසටහනේ අරමුණ විය.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ndu psc IG සහභාගී විය. එම ව්‍යාපෘතිය ආරම්භ කිරීම සංකේතවත් කරමින්, එතුමන් විසින් එම ව්‍යාපෘති පරිශ්‍රයේ ‘මී’ පැළයක් රෝපණය කරන ලදී.

මෙම පරිසර හිතකාමී වැඩසටහනට තවදුරටත් ශක්තියක් එක් කරමින් Alliance Finance PLC ආයතනය විසින් අඹ පැළ 5,000ක් සහ පොල් පැළ 5,000ක් පරිත්‍යාග කරන ලදී. එහිදී ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ රාජකාරි කරනු ලබන රෙජිමේන්තු නියෝජිතයින් වෙත සංකේතාත්මකව පැළ 25ක් භාරදීමද සිදු කෙරිණි.

Iමීට අමතරව, හරිත ආවරණය වැඩි දියුණු කිරීම සහ තිරසාර පාරිසරික පිළිවෙත් ප්‍රවර්ධනය කිරීම සඳහා යුද්ධ හමුදා භටපිරිස් ‘මී’ පැළ 100 ක් රෝපණය කරන ලදී.

මෙම වැඩසටහනට යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධාන මේජර් ජෙනරල් කේ.වී.එන්.පී. ප්‍රේමරත්න RSP USP nps psc, යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධාන මේජර් ජෙනරල් යූ.කේ.ඩී.ඩී.පී. උඩුගම RWP RSP USP ndc psc, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, Alliance Finance PLC ආයතනයේ නියෝජිතයින් සහ සෙසුනිලයන් සහභාගී වූහ.