ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නව නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධාන ධූරයේ රාජකාරි අරඹයි
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ තෙවන ජ්‍යෙෂ්ඨතම තනතුර වන නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධාන තනතුර සඳහා නවතමයෙන් පත්වීම් ලද ගජබා රෙජිමේන්තුවේ නිලධාරියෙකු වූ මේජර් ජෙනරල් යූ.කේ.ඩී.ඩී.පී උඩුගම RWP RSP USP ndc psc, 2026 ජුනි මස 02 වන දින යුද්ධ හමුදා මූලස්ථානයේදී සිය ධූරයේ රාජකාරි භාරගන්නා ලදී.
නව නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධාන හමුදා සම්ප්‍රදායානුකූලව සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තබමින් ආගමික ආශීර්වාද මධ්‍යයේ සිය ධූරයේ රාජකාරීන් භාරගනු ලැබීය. මෙම ධූරයේ රාජකාරීන් භාරගැනීමට ප්‍රථම එම ජ්‍යෙෂ්ඨ නිලධාරි ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක ඇතුළු ප්‍රධාන තනතුරු රාශියක් හොඹවා ඇත.
මෙම අවස්ථාවට මාණ්ඩලික ප්‍රධාන, ප්‍රධාන මාණ්ඩලික නිලධාරීන්, අධ්‍යක්‍ෂ මණ්ඩල අධ්‍යක්‍ෂවරුන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් සහභාගී වූහ.