සිවිල් ක්‍රියාකාරකම්
පූනානි බලඇණි පුහුණු පාසල සහ 7 සැහැල්ලු රෙජිමේන්තුව ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාව එක්ව පරිසරය පිරිසිදු කිරීමේ වැඩසටහනක නිරත වෙයි
යුද්ධ හමුදාධිපතිතුමාගේ මඟපෙන්වීම යටතේ ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනට සමගාමීව, පූනානි බලඇණි පුහුණු පාසල සහ 7 සැහැල්ලු රෙජිමේන්තු ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාව විසින් නිදහස් දිනය සැමරීම සඳහා පිරිසිදු කිරීමේ වැඩසටහනක් 2025 පෙබරවාරි මස 04 දින පවත්වන ලදී.
241 සහ 243 පාබල බලසේනාව මූලිකත්වයෙන් පරිත්‍යාග වැඩසටහනක්
ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර ගේ මඟපෙන්වීම සහ 241 සහ 243 පාබල බලසේනාවන් හි බලසේනාධිපතිවරුන්ගේ අධීක්‍ෂණය යටතේ, යුද්ධ හමුදා භටපිරිස් විසින් 2025 පෙබරවාරි මස 04 දින අක්කරෙයිපත්තු සහ අරුගම්පුලි හි ළමා නිවාසයන් සඳහා දිවා ආහාරය සහ ත්‍යාග පාර්සල් පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් පවත්වන ලදී.
7 බලඇණිය ගැමුණු හේවා බලකාය විසින් කතිරවේලි ප්‍රදේශයේ තිලකාවතී ළමා නිවාසයේදී දිවා භෝජන සංග්‍රහයක් පවත්වයි
77 නිදහස් දිනය සැමරීම වෙනුවෙන් ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර සහ 7 බලඇණිය ගැමුණු හේවා බලකායේ අණදෙන නිලධාරි ගේ මඟපෙන්වීම යටතේ, එම බලඇණියේ භටපිරිස් විසින් 2025 පෙබරවාරි මස 04 දින කතිරවේලි ප්‍රදේශයේ තිලකාවතී ළමා නිවාසයේ ළමුන් සඳහා දිවා භෝජන සංග්‍රහයක් පවත්වන ලදී.
242 පාබල බලසේනාවේ සහ 8 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ මූලිකත්වයෙන් පරිත්‍යාග වැඩසටහනක්
ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර ගේ මඟපෙන්වීම සහ 24 පාබල සේනාංකයේ සේනාංකාධිපති ගේ උපදෙස් මත 242 පාබල බලසේනාවේ සහ 8 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස් විසින් 2025 පෙබරවාරි මස 4 දින තිරුක්කෝවිල් ප්‍රදේශයේ පිහිටි මෙතෝදිස්ත ළමා නිවාසයේ නේවාසික ළමුන් වෙනුවෙන් දිවා භෝජන සංග්‍රහයක් සහ පාසල් උපකරණ පරිත්‍යාග වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.
55 පාබල සේනාංකයේ භටපිරිස් විසින් කිලිනොච්චිය ප්‍රදේශයේ ළමා උද්‍යානයක් ඉදිකරයි
55 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් බී.ජී.එස් ප්‍රනාන්දු යූඑස්පී එච්ඩීඑම්සී පීඑස්සී ගේ මඟපෙන්වීම යටතේ 55 පාබල සේනාංකයේ භටපිරිස් විසින් කිලිනොච්චි ප්‍රදේශයේ දරුදැරියන් වෙනුවෙන් ළමා උද්‍යානයක් ඉදිකරන ලදී. ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනට සමගාමීව ගොඩනගන ලද මෙම ළමා උද්‍යානය 2025 පෙබරවාරි මස 05 දින නිල වශයෙන් විවෘත කරන ලදී.
යුද්ධ හමුදාව විසින් අත්තනගල්ල ප්‍රදේශයේ ප්‍රජා සේවා ව්‍යාපෘතීන් පවත්වයි
6 කාරක රෙජිමේන්තුව ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ අණදෙන නිලධාරි මේජර් එන්.සී කරුණාරත්න ආර්එස්පී යූඑස්පී පීඑස්සී සහ 8 බලඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාවේ අණදෙන නිලධාරි මේජර් වයි.ඩි.එන්. ද සිල්වා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ගේ මඟපෙන්වීම යටතේ, භටපිරිස් විසින් අත්තනගල්ල ‘සෙවණ’ වැඩිහිටි නිවාසයේ සහ ‘ඉසුරු’ ළමා නිවායේ නේවාසිකව රැකවරණය ලබන අයවළුන් සඳහා 2025 පෙබරවාරි මස 04 දින ප්‍රජා සේවා වැඩසටහන් කිහිපයක් ක්‍රියාත්මක කරන ලදී.
232 පාබල බලසේනාව විසින් පරිත්‍යාග වැඩසටහනක් පවත්වයි
ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් පී.ආර් පතිරවිතාන යූඑස්ඒඩබ්ලිව්සී පීඑස්සී ගේ මඟපෙන්වීම යටතේ සහ 232 පාබල බලසේනාවේ බලසේනාධිපතිගේ උපදෙස් මත 232 පාබල බලසේනාවේ භටපිරිස් විසින් දිවා අහාර පාර්සල් සහ යෝගට් බෙදා දීමේ වැඩසටහනක් 2025 පෙබරවාරි මස 04 දින පවත්වන ලදී.
ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර මූලිකත්වයෙන් වන අලින්ගෙන් සිදුවන හානි වැළැක්වීම සඳහා මෙහෙයුමක්
ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් පී.ආර් පතිරවිතාන යූඑස්ඒඩබ්ලිව්සී පීඑස්සී ගේ සහ ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර ව්‍යාපෘති භාර නිලධාරි බ්‍රිගේඩියර් ඩබ්ලිව්.එස්.ආර් කුමාර යූඑස්පී අයිඑස්සී ගේ උපදෙස් මත 12 බලඇණිය ගැමුණු හේවා බලකායේ භටපිරිස් විසින් වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ පිඹුරත්තෑව අඩවි වන නිලධාරි කාර්යාලයේ නිලධාරින් සහ මහවැලි කාර්යාලයේ නිලධාරින් සමඟ එක්ව 2025 පෙබරවාරි මස 01 දින වන අලින් පලවා හැරීමේ මෙහෙයුමක් දියත් කරන ලදී. එහිදී, වන අලින් 21 දෙනෙකු වීරලන්ද වැවෙන් මාදුරුඔය ජාතික වනෝද්‍යානය වෙත පලවා හරින ලදී.
ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර මූලිකත්වයෙන් පරිත්‍යාග වැඩසටහනක්
77 වන නිදහස් දින සැමරුමට සමගාමීව ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර ගේ මඟපෙන්වීම මත භටපිරිස් විසින් 2025 පෙබරවාරි මස 4 දින පොළොන්නරුව, පැරකුම් වැඩිහිටි හා ළමා නිවාසයේ නේවාසික ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සහ කුඩා ළමුන් වෙනුවෙන් දිවා භෝජන සංග්‍රහයක් සහ පාසල් ද්‍රව්‍ය පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලැබීය.
8 බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව වෙතින් රුක් රෝපණ වැඩසටහනක් පවත්වයි
රජය විසින් දියත් කරන ලද ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනට සහයෝගයක් දක්වමින් යුද්ධ හමුදාධිපතිතුමන්ගේ මඟපෙන්වීම යටතේ, 8 බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි විසින් 2025 ජනවාරි මස 30 දින පින්නවල අලි අනාථාගාර පරිශ්‍රයේදී රුක් රෝපණ වැඩසටහනක් සංවිධානය කරන ලදී.