සිවිල් ක්‍රියාකාරකම්
77 වන ජාතික නිදහස් දිනයට සමගාමීව දිවයින පුරා වෙරළ තීරයන් සහ මාර්ග දෙපස පිරිසිදු කිරීමේ වැඩසටහන් මාලාවක්
77 වන ජාතික නිදහස් දින සැමරුමට සමගාමීව, ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනේ තවත් අදියරක් ලෙස යුද්ධ හමුදාධිපතිතුමන්ගේ මඟපෙන්වීම මත දිවයින පුරා පිහිටි වෙරළ තීරයන් සහ මාර්ග දෙපස පිරිසිදු කිරීමේ වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කරන ලදී.
212 පාබල බලසේනාවේ මූලිකත්වයෙන් පිරිසිදු කිරීමේ වැඩසටහනක්
අනුරාධපුර, අටමස්ථානය පූජනීය නගරය, තිසාවැව සහ බසවක්කුලම වැව් බැම්ම අවට පිරිසිදු කිරීමේ වැඩසටහනක් 212 සහ 213 බලසේනාවේ සාමාජිකයන් සහ සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරින්ගේ සහභාගීත්වයෙන් 2025 පෙබරවාරි මස 17 දින පැවැත්විණ.
ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර මූලිකත්වයෙන් පානීය ජල සැපයුම් ව්‍යපෘතියක්
ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් පී.ආර් පතිරවිතාන USAWC psc ගේ මඟපෙන්වීම යටතේ පරිත්‍යාගශීලී මංගල පීරිස් මහතාගේ මූල්‍යමය දායකත්වය මත 3 ශ්‍රී ලංකා යුධෝපකරණ බලකායේ භටපිරිස් විසින් පැරකුම් ගම්මානයේ ප්‍රජාව වෙත පිරිසිදු පානීය ජලය ලබාදීමේ අරමුණින් පානීය ජල සැපයුම් ව්‍යපෘතියක් 2025 පෙබරවාරි මස 11 දින ආරම්භ කරන ලදී.
ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර මූලිකත්වයෙන් වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහනක්
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ මඟපෙන්වීම මත ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ සේවයේ නියුතු භටපිරිස් විසින් 2025 පෙබරවාරි මස 16 දින ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනට සමගාමීව ‘අපගේ වෙරළ තීරයන් හා සමුද්‍ර ජීවීන් ආරක්‍ෂා කිරීම සහ පිරිසිදු, හරිත අනාගතයක් නිර්මාණය කිරීම!’ තේමාව ඔස්සේ වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.
144 පාබල බලසේනාවේ මූලිකත්වයෙන් පිරිසිදු කිරීමේ වැඩසටහනක්
රජය වෙතින් ක්‍රියාත්මක කරනු ලබන ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනේ තවත් අදියරක් ලෙස යුද්ධ හමුදාධිපතිතුමන්ගේ මඟපෙන්වීම මත 144 පාබල බලසේනාවේ මූලිකත්වයෙන් 2025 පෙබරවාරි මස 15 දින පොල්දූව මාර්ගය, පාර්ලිමේන්තු මාර්ගය, ශ්‍රී ලංකා-ජපන් මිත්‍රත්ව මාර්ගය, තුරුමිතුරු ව්‍යාපෘති ප්‍රදේශය සහ දියවන්නා වැව යන ප්‍රදේශයන් පිරිසිදු කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලැබීය.
ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන වෙනුවෙන් 7 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායෙන් පිරිසිදු කිරීමේ වැඩසටහනක්
212 පාබල බලසේනා බලප්‍රදේශයේ ස්ථාපිත 7 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ භටපිරිස් විසින් 2025 පෙබරවාරි මස 15 දින අවුකන පුරාණ විහාරස්ථාන පරිශ්‍රය පිරිසිදු කිරීමේ කටයුතු සිදුකරන ලදී.
කාන්තා සෙබලියගේ ආදර්ශමත් ක්‍රියාව සේනාංකාධිපතිතුමන්ගේ පැසසුමට
54 පාබල සේනාංකයේ රාජකාරි කරනු ලබන 2 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ කෝප්‍රල් කේ.පී.එම්.එන් ගුණසේකර, රුපියල් 102,220.00 ක් සහ වැදගත් ලියකියවිලි අඩංගු මුදල් පසුම්බියක් වැටී තිබියදී හමුවීමෙන් පසු එහි අයිතිකරු වෙත ලබා දීමේ ආදර්ශමත් ක්‍රියාවක් සිදුකරනු ලැබීය.
77 වන නිදහස් දින සැමරුම වෙනුවෙන් 51 පාබල සේනාංකය වෙතින් පරිත්‍යාග වැඩසටහනක්
77 වන නිදහස් දින සැමරුම වෙනුවෙන් 51 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එම්.පී.එන්.ඒ මුතුමාල යූඑස්පී පීඑස්සී ගේ මඟපෙන්වීම මත එම සේනාංකයේ භටපිරිස් විසින් 2025 පෙබරවාරි මස 04 දින ශාන්ත තෙරේසා වැඩිහිටි නිවාස පරිශ්‍රය පිරිසිදු කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.
12 පාබල සේනාංකයේ මූලිකත්වයෙන් වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහනක්
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ මඟපෙන්වීම මත 12 පාබල සේනාංකයේ මූලිකත්වයෙන් 2025 පෙබරවාරි මස 09 දින ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනේ තවත් අදියරක් ලෙස හම්බන්තොට රාජ්‍ය නිලධාරින් සමඟ සමීප සම්බන්ධීකරණයෙන් යුතුව හම්බන්තොට සිට තංගල්ල දක්වා වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලැබීය.
212 පාබල බලසේනාව පාසල් උපකරණ පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් පවත්වයි
77 වන ජාතික නිදහස් දිනයට සමඟාමීව 212 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් බී.ඒ.එම්.පී බාලසූරිය ආර්එස්පී ගේ මඟපෙන්වීම යටතේ කැකිරාව කිරිමැටියාව ගාමිණී විද්‍යාලයේදී පාසල් සිසුන් අතර පාසල් උපකරණ (පාසල් බෑග්, සපත්තු, පොත් සහ වතුර බෝතල්) බෙදා දීමේ වැඩසටහනක් 2025 පෙබරවාරි මස 04 දින පැවැත්විණි.