5 බලඇණිය ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ මූලිකත්වයෙන් ලේ දන්දීමේ වැඩසටහනක්

මවුබිම වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන් අනුස්මරණය කරමින් 5 බලඇණිය ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ අණදෙන නිලධාරිගේ නායකත්වයෙන් එම ඒකකයේ භටපිරිස් විසින් තන්තිරිමලේ විහාරස්ථාන පරිශ්‍රයේදී 2025 ජුනි මස 17 දින අනුරාධපුර රුධිර බැංකුව සමඟ සහයෝගයෙන් යුතුව ලේ දන්දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.