‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහන සඳහා 5 (ස්වේච්ඡා) යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ දායකත්වය

‘ක්ලීන් ශ්‍රී ලංකා’ ජාතික වැඩසටහන සඳහා දායකත්වය ලබාදෙමින් 5 (ස්වේච්ඡා) යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ භටපිරිස් විසින් 2025 ජුනි මස 15 දින සිප්පියාරු, ශාන්ත ආනා දේවස්ථාන පරිශ්‍රය පිරිසිදු කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.

ශාන්ත ආනා දේවස්ථානයේ ප්‍රධාන පූජක පීටර් ලෝරන්ස් ලියොන් පියතුමන්ගේ ඉල්ලීමකට අනුව 5 (ස්වේච්ඡා) යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ අණදෙන නිලධාරිගේ අධීක්‍ෂණය මත එම ඒකකයේ භටපිරිස් විසින් මෙම වැඩසටහන සිදුකරන ලදී.

මෙම වැඩසටහනට නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගි වූහ.