16th June 2025
513 පාබල බලසේනාව විසින් තෙලිප්පලෙයි පිළිකා රෝහලේ රුධිර බැංකුව සමඟ සහයෝගයෙන් 2025 ජුනි මස 09 දින කරුකම්පනෙයි සංස්කෘතික ශාලාවේදී රුධිර පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් පවත්වන ලදී.
රටේ සාමය සහ ස්වෛරීභාවය වෙනුවෙන් ජීවිත පූජා කළ රණවිරුවන් සිහිකිරීමේ අරමුණින් මෙම වැඩසටහන පැවැත්විය.
මෙම වැඩසටහන 51 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එම්.පී.එන්.ඒ මුතුමාල USP psc ගේ මඟපෙන්වීම යටතේ 513 පාබල බලසේනාවේ බලසේනාධිපතිගේ අධීක්‍ෂණය යටතේ පැවැත්විය.