නවතම තොරතුරු

යුද්ධ හමුදා විශේෂාංග

යාන්ත්‍රික පාබල රෙජිමේන්තුව පොසොන් පොහෝය සමරයි

2025-06-12
යාන්ත්‍රික පාබල රෙජිමේන්තුව පොසොන් පොහෝය සමරයි

යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් ඒ.එච්.ඒ.ඩී ආරියසේන RWP RSP USP psc ptsc ගේ මඟපෙන්වීම මත පොසොන් පොහෝ දිනයට සමගාමීව එම රෙජිමේන්තු මධ්‍යස්ථානය විසින් 2025 ජුනි මස 10 දින රංගිරි දඹුලු රජමහා විහාරස්ථාන පරිශ්‍රයේදී මඤ්ඤොක්කා දන්සලක් පවත්වන ලදී.

තව කියවන්න

ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම පොසොන් පොහෝය සමරයි

2025-06-12
ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම පොසොන් පොහෝය සමරයි

ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් කේ.ඒ.ඩබ්ලිව්.එන්.එච් බණ්ඩාරනායක USP ගේ මඟපෙන්වීම මත පොසොන් පොහෝ දිනයට සමගාමීව එම ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු භටපිරිස් විසින් 2025 ජුනි මස 11 දින එම මූලස්ථාන පරිශ්‍රය ඉදිරිපිටදී දන්සලක් පවත්වන ලදී.

තව කියවන්න

ධූරයෙන් නික්ම යන 12 පාබල සේනාංකයේ සේනාංකාධිපති වෙත එම සේනාංකයේ ගෞරවාචාරය

2025-06-09
ධූරයෙන් නික්ම යන 12 පාබල සේනාංකයේ සේනාංකාධිපති වෙත එම සේනාංකයේ ගෞරවාචා

ධූරයෙන් නික්ම යන 12 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.එස්.එන් හේමරත්න RWP RSP psc වෙත ගෞරවාචාර පිරිනැමීමේ උත්සවයක් එම සේනාංක මූලස්ථානයේදී 2025 ජුනි මස 04 දින පවත්වනු ලැබීය.

තව කියවන්න

ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ නව සේනාවිධායක ධූරයේ රාජකාරි අරඹයි

2025-06-07
ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ නව සේනාවිධායක ධූරයේ

ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ 14 වන සේනාවිධායක ලෙස බ්‍රිගේඩියර් සී.පී වික්‍රමරත්න RSP USP, 2025 මැයි මස 28 දින එම වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේදී ධූරයේ රාජකාරි භාර ගනු ලැබීය.

තව කියවන්න

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ නියෝජ්‍ය සේනාවිධායක වෙත සාරානාත් විද්‍යාලයේදී උපහාර පිරිනමයි

2025-06-07
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ නියෝජ්‍ය සේනාවිධායක වෙත සාරාන

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ නියෝජ්‍ය සේනාවිධායක සහ කුලියාපිටිය සාරානාත් විද්‍යාලයේ කීර්තිමත් ආදි සිසුවෙකු වන මේජර් ජෙනරල් බී.එම්.ආර්.ජේ බණ්ඩාර වෙත උපහාර දැක්වීමේ උත්සවයක් එම විද්‍යාලයීය පරිශ්‍රයේදී 2025 මැයි මස 15 දින පැවැත්වීය. එහිදී, එම ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ කැපී පෙනෙන ජයග්‍රහණ සහ ජාතියට කළ සේවය අගයමින් උපහාර දැක්වීය.

තව කියවන්න

‘ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි අභියෝගතා කුසලාන වොලිබෝල් තරඟාවලිය - 2025 සාර්ථකව අවසන්

2025-06-06
‘ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි අභියෝගතා කුසලාන වොලිබෝල් තරඟාවලිය - 2025

‘ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි අභියෝගතා කුසලාන වොලිබෝල් තරඟාවලිය - 2025, ජුනි මස 04 දින මන්නාරම නගර සභා ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී සාර්ථකව අවසන් විය. එහි මූලික තරඟ 2025 මැයි මස 20 දින පැවැත්විණි.

තව කියවන්න

ලෝක පරිසර දිනයට සමගාමීව දිවයින පුරා ස්ථාපිත යුද්ධ හමුදා කඳවුරු තුළ පැළ රෝපණ වැඩසටහන් ක්‍රියාත්මක කරයි

2025-06-06
ලෝක පරිසර දිනයට සමගාමීව දිවයින පුරා ස්ථාපිත යුද්ධ හමුදා කඳවුරු තුළ පැළ

මෙවර, ‘ප්ලාස්ටික් භාවිතය නවතමු’ යන ගෝලීය තේමාව ඔස්සේ 2025 ජුනි මස 05 දිනට යෙදෙන ලෝක පරිසර දිනය සැමරීම සනිටුහන් කරමින් ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනට සමගාමීව දිවයින පුරා ස්ථාපිත සියලුම යුද්ධ හමුදා කඳවුරු තුළ පැළ රෝපණ වැඩසටහන් ක්‍රියාත්මක කරමින් පරිසර සංරක්‍ෂණය සඳහා යුද්ධ හමුදාව සිය දායකත්වය ලබාදෙන ලදී.

තව කියවන්න

පිළියන්දල දැව ගබඩාවක් තුළ ඇති වූ හදිසි ගින්න මැඩපැවැත්වීමට යුද්ධ හමුදා භටපිරිස්හි දායකත්වය

2025-06-05
පිළියන්දල දැව ගබඩාවක් තුළ ඇති වූ හදිසි ගින්න මැඩපැවැත්වීමට යුද්ධ හමුදා

පිළියන්දල, බෝකුන්දර හන්දිය අසල දෙව්මිණි දැව ගබඩාවේ 2025 ජුනි මස 04 දින හදිසි ගින්නක් ඇති වූ අතර එම ගින්න කඩිනමින් මැඩපැවැත්වීම සඳහා 5 කාරක රෙජිමේන්තුව ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ සහ 1 වන ශ්‍රී ලංකා යුධෝපකරණ බලකායේ භටපිරිස් සිය දායකත්වය ලබාදුන්හ.

තව කියවන්න

අභ්‍යන්තර විගණන අධ්‍යක්‍ෂ මණ්ඩලයේ නව අධ්‍යක්‍ෂ රාජකාරි අරඹයි

2025-06-05
අභ්‍යන්තර විගණන අධ්‍යක්‍ෂ මණ්ඩලයේ නව අධ්‍යක්‍ෂ රාජකාරි අරඹයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදා මූලස්ථානයේ අභ්‍යන්තර විගණන අධ්‍යක්‍ෂ මණ්ඩලයේ නව අධ්‍යක්‍ෂ ලෙස කර්නල් ආර්.එම් බාලසූරිය USP 2025 ජුනි මස 04 දින පැවති උත්සවයකදී ධූරයේ රාජකාරි කටයුතු භාරගන්නා ලදී.

තව කියවන්න

විශ්‍රාම දිවියට පා තැබූ ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ ජ්‍යෙෂ්ඨ නිලධාරි වෙත එම බලකායේ ගෞරවාචාරය

2025-06-04
විශ්‍රාම දිවියට පා තැබූ ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ ජ්‍යෙෂ්ඨ නිලධාරි වෙ

වසර 34 කට අධික කීර්තිමත් යුද්ධ හමුදා සේවා කාලයක් සම්පූර්ණ කර විශ්‍රාම දිවියට පා තැබූ ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ මේජර් ජෙනරල් ටී.සී පීරිස් RSP USP ජ්‍යෙෂ්ඨ නිලධාරි වෙත ගෞරවාචාර පිරිනැමීමේ උත්සවයක් 2025 මැයි මස 29 දින පැවැත්විණි.

තව කියවන්න