යුද්ධ හමුදා විශේෂාංග
10 බලඇණිය විජයබාහු පාබල රෙජිමේන්තුව ශාන්ත අන්තෝනි දේවස්ථානයේ රුක් රෝපණ වැඩසටහනක් පවත්වයි
77 වන ජාතික නිදහස් දිනයට සමගාමීව 522 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ඩබ්ලිව්.කේ.එස්.පී.එම්.ආර්.ඒ.බී දොඩම්වල පීඑස්සී ගේ මඟපෙන්වීම යටතේ 10 බලඇණිය විජයබාහු පාබල රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි මේජර් එස්.එච් සුදුසිංහ ගේ අධීක්‍ෂණය යටතේ මනල්කාඩු ශාන්ත අන්තෝනි දේවස්ථානයේ දී රුක් රෝපණ වැඩසටහනක් 2025 පෙබරවාරි මස 04 දින පවත්වන ලදී.
61 පාබල සේනාංකයේ භටපිරිස් විසින් ගාල්ල ප්‍රදේශයේ වෙරළ තීරය පිරිසිදු කරයි
රජය විසින් ආරම්භකරන ලද, ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනට සමගාමීව වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය සහ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් හේවගේ මහතාගේ ප්‍රධානත්වයෙන් "පොහොසත් රටක්, ලස්සන ජීවිතයක්” යන තේමාව යටතේ බෙන්තොට සිට ගොවියාපාන ප්‍රදේශය දක්වා වෙරළ තීරය ආවරණය වන පරිදි වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක් 2025 ජනවාරි මස 12 දින ගාල්ලේදී පවත්වන ලදී.
වන අලින්ගෙන් සිදුවන හානි වැළැක්වීම සඳහා ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර වෙතින් වැඩසටහනක්.
වන අලින්ගෙන් කුඹුරු වගාවලට සිදුවන හානිය අවම කරගැනිම සහ ප්‍රදේශයේ ජනතාවගේ ආරක්‍ෂාව තහවුරු කිරීම අරමුණු කරගනිමින් ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර, වනජීවී සහ සිවිල් සංවිධාන සමඟින් එක්ව 2025 ජනවාරි මස 02 දින සමීක්‍ෂණයක් පවත්වන ලදී.
ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර මූලිකත්වයෙන් බෝවන රෝග පිළිබඳ දේශනයක් පවත්වයි
ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර විසින් බදාදා පුහුණු දින වැඩසටහනෙහි කොටසක් ලෙස 2024 ජනවාරි මස 8 දින 4 ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා දේශන ශාලාවේදී ‘බෝවන රෝග වලින් වැළකීම සහ දැනුවත් වීම’ යන මැයෙන් දේශනයක් පවත්වන ලදී.
යාපනය, වලිකාමම් ප්‍රදේශයේ නිවාස අවශ්‍යතා ඇති පවුලක් වෙනුවෙන් නව නිවසක්
ප්‍රජා සත්කාර වැඩසටහනක් ලෙස උඩුවිල්, වලිකාමම් දකුණේ නිවාස අවශ්‍යතා ඇති පවුලකට අලුතින් ඉදිකරන ලද නිවසක් 2025 ජනවාරි මස11 දින පවරා දෙන ලදී,
21 පාබල සේනාංකයේ භටපිරිස් දිවුල්වැව වැව් බැම්ම අලුත්වැඩියා කරයි
21 පාබල සේනාංකයේ, 7 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ සහ 5 (ස්වේච්ඡා) බලඇණිය ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් එක්ව 2025 ජනවාරි මස 10 දින මහත් අවදානමකට ලක්ව තිබූ දිවුල්වැව වැව් බැම්මේ අර්ධ වශයෙන් හානියට පත් වූ කොටසක් සාර්ථකව අලුත්වැඩියා කළහ.
12 බලඇණිය ගජබා රෙජිමේන්තුවෙන් පාසල් උපකරණ පරිත්‍යාග කිරීමේ වැඩසටහනක්
12 බලඇණිය ගජබා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී මේජර් එස්.ඒ.කේ ගුණරත්න යූඑස්පී පීඑස්සී ගේ උපදෙස් මත හම්බන්තොට කිරින්දගම ප්‍රාථමික පාසලේදී පාසල් උපකරණ පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් 2025 ජනවාරි මස 4 දින පැවැත්විණි.
213 පාබල බලසේනාවේ මූලිකත්වයෙන් ප්‍රජාසත්කාර වැඩසටහනක්
ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් ජේ.පී.සී. පීරිස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී ගේ මඟපෙන්වීම සහ 21 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන් ගේ අධීක්‍ෂණය මත චෙඩ්ඩිකුලම්, මුහත්තන්කුලම් රජයේ දමිළ මාධ්‍ය පාසලේදී අක්ෂි සහ වෛද්‍ය සායනයක් 2025 ජනවාරි මස 11 දින පවත්වන ලදී.
ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ කර්නල් සේනාවිධායකතුමන් එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේ භටපිරිස් අමතයි
ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් ඒ.එච්.එල්.ජී අමරපාල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී, 2025 ජනවාරි මස 07 දින පනාගොඩ, ශ්‍රී ලංකා ඉංජිනේරු බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ නිලධාරීන්, සෙසුනිලයන් සහ සිවිල් කාර්යය මණ්ඩලය අමතනු ලැබීය.
ප්‍රගුණ හා සැඟවුණු වෙඩිකරු පුහුණු පාසලේ 36 වන සංවත්සර දිනය අභිමානවත් අයුරින් සමරයි
ප්‍රගුණ හා සැඟවුණු වෙඩිකරු පුහුණු පාසලේ 36 වන සංවත්සර දිනය එම පුහුණු පාසලේ සේනාවිධායක බ්‍රිගේඩියර් ආර්.පී. මුනිපුර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ගේ නායකත්වය යටතේ 2025 ජනවාරි 06 දින සමරනු ලැබීය.