18th September 2025
12 පාබල සේනාංකයේ සේනාංකාධිපති වශයෙන් රාජකාරි සිදුකර ධූරයෙන් නික්ම යන ලැබූ මේජර් ජෙනරල් එච්.ටී.ඩබ්ලිව් විද්‍යානන්ද RWP RSP USP වෙත ගෞරවාචාරය දැක්වීමේ උත්සවයක් 2025 සැප්තැම්බර් මස 12 දින එම සේනාංක මූලස්ථානයේදී පැවැත්විණි.
12 බලඇණිය ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් විසින් ධූරයෙන් නික්ම යන සේනාංකාධිපති වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ සහ සම්මාන මුරයේ ගෞරවාචාරයන් පිරිනමන ලදී. එසේම, එම අවස්ථාව සනිටුහන් කරමින් නික්ම යන සේනාංකාධිපති එම සේනාංකයේ නිලධාරින් සමඟින් සමූහ ඡායාරූපයකට පෙනී සිටි අතර, කඳවුරු පරිශ්‍රයේ පැළයක් ද රෝපණය කළේය.
ඉන්පසුව, නික්ම යන සේනාංකාධිපති විසින් 12 පාබල සේනාංක මූලස්ථානයේ නවතමයෙන් ඉදිකරන ලද දේශන ශාලාව විවෘත කළ අතර, පසුව සියලුම නිලයන් අමතමින්, තම ධුර කාලය තුළ රාජකාරින් සිදුකිරීමේදී ඔවුන් දැක්වූ කැපවීම අගය කරන ලදී.
උත්සවයේ කටයුතු අවසන් කරමින් සියලු නිල තේ පැන් සංග්‍රහයක් පැවති අතර, එහිදී නික්මයන සේනාංකාධිපති සියලුම නිලයන් සමඟින් සුහඳ අදහස් හුවමාරුවක නිරත වූහ. 12 පාබල සේනාංකයේ නව සේනාංකාධිපති ලෙස මේජර් ජෙනරල් ඩබ්ලිව්.එම්.එන්.කේ.ඩී බණ්ඩාර RWP RSP USP ndu psc ධූරයේ රාජකාරින් භාරගැනීමට නියමිතය.