යුද්ධ හමුදා විශේෂාංග
542 පාබල බලසේනාවේ මූලිකත්වයෙන් පාසල් උපකරණ පරිත්‍යාග වැඩසටහනක්
542 පාබල බලසේනාවේ මූලිකත්වයෙන් 2025 ජනවාරි මස 7 දින පූමලන්දන් ප්‍රාථමික විද්‍යාලය සහ මඩු සිංහල මහා විද්‍යාලයේ සිසු සිසුවියන් 94 දෙනෙකු වෙනුවෙන් අත්‍යවශ්‍ය පාසල් උපකරණ පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් පූමලන්දන් පෙරපාසල් පරිශ්‍රයේදී පැවැත්විණි.
ගැමුණු හේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ භටපිරිස් මූලිකත්වයෙන් මාර්ග පිරිසිදු කිරීමේ වැඩසටහනක්
ගැමුණු හේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ භටපිරිස් සහ කාහේංගම ප්‍රදේශයේ ජනතාව එක්ව, එම ප්‍රදේශයේ මාර්ගය කිලෝ මීටර් 2 ක දුර ප්‍රමාණයක් පිරිසිදු කිරීමේ වැඩසටහනක් 2025 ජනවාරි මස 04 දින පවත්වන ලදී.
ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි 4 සහ 5 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවන්හි නිල සංචාරයක
ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් ජේ.පී.සී. පීරිස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී, 4 සහ 5 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවන්හි 2025 ජනවාරි මස 07 දින නිල සංචාරයක නිරත විය.
භඨකාර්ය සම්පාදක අණසක මූලස්ථානයේ 45 වන සංවත්සරය අභිමානවත් අයුරින් සමරයි
භඨකාර්ය සම්පාදක අණසක මූලස්ථානයේ 45 වන සංවත්සරය වෙනුවෙන් එම මූලස්ථානයේ ආඥාපති මේජර් ජෙනරල් ඊ.එම්.එම්. ප්‍රනාන්දු එච්ඩීඑම්සී එල්එස්සී ඒඒටීඕ ගේ උපදෙස් මත හමුදා සම්ප්‍රදායානුකූල උත්සව මාලාවක් පනාගොඩ, ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකා සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකා පරිශ්‍රයන්හිදී 2025 ජනවාරි මස 8 දින පවත්වනු ලැබීය.
2024 වසරේ දක්‍ෂතම සරඹ උපදේශක, ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර විසින් ඇගයීමට ලක්කරයි
2024 වසරේ පැවති යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු සරඹ සහ පියවර කෝදු තරඟාවලියේදී ‘දක්‍ෂතම සරඹ උපදේශක’ ලෙස තේරී පත් වූ 9 ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ බළලත් නිලධාරී II අයි.ජී.එස්.බී.ජේ ඉහළගෙදර ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර සහ ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් ඒ.එච්.එල්.ජි. අමරපාල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී විසින් ඇගයීමට ලක්කරන ලදී.
යුද්ධ හමුදා මූලස්ථානයේ නව විධායක ජෙනරාල් රාජකාරි අරඹයි
යුද්ධ හමුදා මූලස්ථානයේ 40 වන විධායක ජෙනරාල් ලෙස ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ මේජර් ජෙනරල් කේ.වී.එන්.පී. ප්‍රේමරත්න ආර්එස්පී යූඑස්පී පීඑස්සී 2025 ජනවාරි මස 8 දින යුද්ධ හමුදා මූලස්ථානයේ පැවති කෙටි උත්සවයකදී ධූරයේ රාජකාරි කටයුතු භාරගන්නා ලදී.
යුද්ධ හමුදාවේ මූලිකත්වයෙන් නිවාස අවශ්‍යතා සහිත පවුලක් වෙනුවෙන් නව නිවසක්
4 බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස්හි මූලිකත්වයෙන් පේදුරුතුඩුව, පවට්කරෙයි ප්‍රදේශයේ වෙසෙන නිවාස අවශ්‍යතා සහිත පවුලක් වෙනුවෙන් නව නිවසක් ඉදිකරදෙන ලදී. නව නිවස විවෘත කිරීමේ උත්සවය 2025 ජනවාරි මස 06 දින පැවති අතර එහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූ ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් වයි.ඒ.බී.එම්. යහම්පත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ගේ සුරතින් නව නිවසේ යතුරු නිවාසලාභී පවුලේ සාමාජිකයන් වෙත භාරදෙනු ලැබීය.
ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාලතුවක්කු හමුදාවේ නව කර්නල් සේනාවිධායකතුමන් ධූරයේ රාජකාරි අරඹයි
ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ 24 වන කර්නල් සේනාවිධායක ලෙස මේජර් ජෙනරල් කේ.වී.එන්.පී ප්‍රේමරත්න ආර්එස්පී යූඑස්පී පීඑස්සී 2025 ජනවාරි මස 02 දින පනාගොඩ එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී ධූරයේ රාජකාරි භාර ගන්නා ලදී.
12 බලඇණිය ගැමුණු හේවා බළකායේ භටපිරිස් හි මූලිකත්වයෙන් පරිත්‍යාග වැඩසටහනක්
231 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් එම්.ජි.ඒ. මලන්දෙණිය ආර්එස්පී ගේ අධීක්‍ෂණය යටතේ සහ 12 බලඇණිය ගැමුණු හේවා බළකායේ අණදෙන නිලධාරිතුමන්ගේ ගේ නායකත්වය යටතේ එම බලඇණියේ භටපිරිස් විසින් දිඹුලාගල, කළුකැලේ විජය පරාක්‍රම ප්‍රාථමික විද්‍යාලයේ සහ පලටියාව, ප්‍රාථමික විද්‍යාලයේ සිසුන් 722 දෙනෙකු සඳහා පරිත්‍යාග වැඩසටහනක් 2025 ජනවාරි මස 05 දින සංවිධානය කරන ලදී.
ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ නව බළලත් නිලධාරි හා සැරයන් නිවස්නය විවෘත කෙරේ
22 පාබල සේනාංකයේ සේනාංකාධිපති සහ ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් කේ.ඒ.එන්. රසික කුමාර එන්ඩීසී පීඑස්සී ගේ මඟපෙන්වීම මත අභිනවයෙන් ඉදිකරනු ලැබූ ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ බළලත් නිලධාරි හා සැරයන් නිවස්නය 2025 ජනවාරි මස 03 දින නිල වශයෙන් විවෘත කරන ලදී.