2025-06-07
ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ නව සේනාවිධායක ධූරයේ රාජකාරි අරඹයි
ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ 14 වන සේනාවිධායක ලෙස බ්‍රිගේඩියර් සී.පී වික්‍රමරත්න RSP USP, 2025 මැයි මස 28 දින එම වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේදී ධූරයේ රාජකාරි භාර ගනු ලැබීය.
වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන පරිශ්‍රය වෙත පැමිණි නව සේනාවිධායක වෙත භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුර ගෞරවාචාරය පිරිනමන ලදී. පසුව, එම ජ්‍යෙෂ්ඨ නිලධාරී සියලු භටපිරිස් ඇමතීම සිදුකරනු ලැබීය.
මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසු නිලයින් සහභාගි වූහ.