යුද්ධ හමුදා විශේෂාංග
58 පාබල සේනාංකයේ නව සේනාංකාධිපති රාජකාරි අරඹයි
58 පාබල සේනාංකයේ 22 වන සේනාංකාධිපති ලෙස මේජර් ජෙනරල් ඒ.එම්.ඒ අබේවර්ධන WWV RWP RSP ndc 2025 ජුනි මස 26 දින එම සේනාංක මූලස්ථාන පරිශ්‍රයේදී හමුදා සම්ප්‍රදායානුකූලව ධූරයේ රාජකාරි කටයුතු භාරගන්නා ලදී.
ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් බලකායේ නව බලකාධිපති රාජකාරි අරඹයි
ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් බලකායේ නව බලකාධිපති ලෙස 56 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කේ.එන්.ඩී කරුණාපාල RSP ndu 2025 ජුනි මස 26 දින කරන්දෙණිය ප්‍රදේශයේ ස්ථාපිත එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී ධූරයේ රාජකාරි කටයුතු භාරගන්නා ලදී.
ධූරයෙන් නික්ම යන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ රෙජිමේන්තු අධිපති වෙත එම රෙජිමේන්තුවේ ගෞරවාචාරය
ධූරයෙන් නික්ම යන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් පී.ආර් පතිරවිතාන USAWC psc වෙත ගෞරවාචාර පුදකිරීමේ උත්සවයක් 2025 ජුනි මස 28 දින එම රෙජිමේන්තු මධ්‍යස්ථාන පරිශ්‍රයේදී පැවැත්විණි.
ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ නව රෙජිමේන්තු අධිපති රාජකාරි අරඹයි
ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ 22 වන රෙජිමේන්තු අධිපති ලෙස මේජර් ජෙනරල් පී.කේ.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.ජේ.එස්.බී.ඩබ්ලිව් පල්ලෙකුඹුර RWP RSP ndu psc 2025 ජුනි මස 30 දින එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී ධූරයේ රාජකාරි කටයුතු භාරගන්නා ලදී.
බ්‍රිගේඩියර් ඒ.පී.ඩී එදිරිසූරිය (විශ්‍රාමික) KSV අභාවප්‍රාප්ත වේ
බ්‍රිගේඩියර් ඒ.පී.ඩී එදිරිසූරිය (විශ්‍රාමික) KSV අසනීප තත්ත්වයක් හේතුවෙන් 2025 ජුනි මස 28 දින සිය නිවසේදී අභාවප්‍රාප්ත විය. අභාවප්‍රාප්ත වනවිට එම ජ්‍යෙෂ්ඨ නිලධාරි 86 වන වියේ පසුවිය.
අභාවප්‍රාප්ත මේජර් ජෙනරල් ටී.ඒ පීරිස් (විශ්‍රාමික) ptsc ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු යුද්ධ හමුදා ගෞරවාචාර මධ්‍යයේ සිදුකරයි
A solemn military funeral was held on 30 June 2025 at the new crematorium of the General Cemetery, Borella, to bid farewell to the late Major General T.A Peiris (Retd) ptsc. The ceremony was attended by a large gathering of military personnel, dignitaries, and mourners who came together to honour the distinguished officer’s service to the nation.
යුද්ධ හමුදා මූලස්ථානයේ නව විධායක ජෙනරාල් රාජකාරි අරඹයි
යුද්ධ හමුදාවේ නව විධායක ජෙනරාල් ලෙස ශ්‍රී ලංකා පාබල හමුදාවේ මේජර් ජෙනරල් කේ.ටී.පී ද සිල්වා RSP ndu psc 2025 ජුනි මස 30 දින යුද්ධ හමුදා මූලස්ථානයේ පැවති කෙටි උත්සවයකදී ධූරයේ රාජකාරි භාරගනු ලැබීය.
රණක්‍ෂිතයට පත් රණවිරුවන් පිරිසක් 59 පාබල සේනාංකයේ නිල සංචාරයක
රණක්‍ෂිතයට පත් රණවිරුවන්ගේ චිත්ත ධෛර්යය ඉහළ නැංවීම සහ දෛනික චර්යාවන් ප්‍රබෝධමත් කිරීමේ අරමුණින් විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරමින් 2025 ජුනි මස 28 දින රණක්‍ෂිතයට පත් රණවිරුවන් පිරිසක් 59 පාබල සේනාංක බලප්‍රදේශයේ සංචාරයක නිරතවිය.
පර්යේෂණ සංකල්ප හා මූලධර්ම අධ්‍යක්‍ෂ මණ්ඩලයේ නව අධ්‍යක්‍ෂ ජෙනරාල් රාජකාරි අරඹයි
යුද්ධ හමුදා මූලස්ථානයේ පර්යේෂණ සංකල්ප හා මූලධර්ම අධ්‍යක්‍ෂ මණ්ඩලයේ නව අධ්‍යක්‍ෂ ජෙනරාල් ලෙස ශ්‍රී ලංකා පාබල හමුදාවේ මේජර් ජෙනරල් ඒ.එම්.සී.පී විජයරත්න RWP RSP nps psc 2025 ජුනි මස 30 දින යුද්ධ හමුදා මූලස්ථානයේ පැවති කෙටි උත්සවයකදී ධූරයේ රාජකාරි කටයුතු භාරගන්නා ලදී.
යුද්ධ හමුදා මූලස්ථානයේ නව උපකරණ මාස්ටර් ජෙනරාල් රාජකාරි අරඹයි
යුද්ධ හමුදා මූලස්ථානයේ නව උපකරණ මාස්ටර් ජෙනරාල් ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකායේ මේජර් ජෙනරල් ඩබ්ලිව්.එම්.එස්.එන් විජේකෝන් ndc AATO 2025 ජුනි මස 30 දින යුද්ධ හමුදා මූලස්ථානයේ පැවති කෙටි උත්සවයකදී ධූරයේ රාජකාරි කටයුතු භාරගන්නා ලදී.