යුද්ධ හමුදා විශේෂාංග
12 පාබල සේනාංකයේ නව සේනාංකාධිපති රාජකාරි අරඹයි
12 පාබල සේනාංකයේ නව සේනාංකාධිපති ලෙස මේජර් ජෙනරල් එච්.ටී.ඩබ්ලිව් විද්‍යානන්ද RWP RSP USP 2025 ජුනි මස 12 දින ආගමික ආශිර්වාද මධ්‍යයේ හමුදා සම්ප්‍රදායානුකූලව එම සේනාංක මූලස්ථානයේදී සිය ධූරයේ රාජකාරි භාරගන්නා ලදී.
21 පාබල සේනාංකයේ නව සේනාංකාධිපති ධූරයේ රාජකාරි අරඹයි
21 පාබල සේනාංකයේ 43 වන සේනාංකාධිපති වශයෙන් මේජර් ජෙනරල් එම්.ඩබ්ලිව්.ඒ.ආර්.සී විජේසූරිය RSP USP ndc 2025 ජුනි මස 13 දින එම පාබල සේනාංක මූලස්ථානයේදී ආගමික ආශිර්වාද මධ්‍යයේ සහ හමුදා සම්ප්‍රදායානුකූලව සිය ධූරයේ රාජකාරින් භාරගනු ලැබීය.
අයහපත් කාලගුණය හේතුවෙන් කඩාවැටුණු ගස් ඉවත් කිරීමට 18 බලඇණිය ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස්හි දායකත්වය
අයහපත් කාලගුණික තත්ත්වය සහ අධික සුළං තත්ත්වය හේතුවෙන් බලන්ගොඩ රජවක මධ්‍ය මහා විද්‍යාලයේ ගොඩනැගිලි සහ අවට ප්‍රදේශවලට දැඩි හානි සිදු වූ අතර කඩිනමින් ක්‍රියාත්මක වූ 18 බලඇණිය ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස් විසින් 2025 ජුනි මස 12 දින එම ගොඩනැගිලි මතට කඩාවැටුණු ගස් ඉවත් කර පාසල් පරිශ්‍රය පිරිසිදු කිරීමට කටයුතු කළ අතර ඒ සඳහා බලන්ගොඩ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරින්ගේ සහයෝගය ද හිමිවිය.
යුද්ධ හමුදා මූලස්ථානයේ නව උපකරණ මාස්ටර් ජෙනරාල් රාජකාරි අරඹයි
යුද්ධ හමුදා මූලස්ථානයේ නව උපකරණ මාස්ටර් ජෙනරාල් ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ මේජර් ජෙනරල් ඊ.එම්.ජී.ඒ අඹන්පොල 2025 ජුනි මස 11 දින ධූරයේ රාජකාරි කටයුතු භාරගනු ලැබීය.
අභිමංසල II සුවතා නිකේතනයේ මූලිකත්වයෙන් බැති ගී වැඩසටහනක්
පොසොන් පොහෝ දිනය සනිටුහන් කරමින් කඹුරුපිටිය, අභිමංසල II සුවතා නිකේතනය සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සේනාවිධායක බ්‍රිගේඩියර් ආර්.ජී.එල්.කේ වීරකෝන් RWP RSPගේ මඟපෙන්වීම මත එම සුවතා නිකේතන පරිශ්‍රයේදී විශේෂ අධ්‍යාත්මික සහ සුවතා වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී. එම සුවතා නිකේතනයේ නේවාසිකව ප්‍රතිකාර ලබන රණවිරුවන්ගේ අධ්‍යාත්මික සහ මානසික යහපැවැත්ම වැඩිදියුණු කිරීමේ අරමුණින් මෙම වැඩසටහන සංවිධානය කරනු ලැබිණි.
59 පාබල සේනාංකය වෙතින් දන්සලක් සහ වෛද්‍ය කඳවුරක් පවත්වයි
59 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩී.ආර්.එන් හෙට්ටිආරච්චි RWP RSP USP ගේ මඟපෙන්වීම මත එම සේනාංකයේ භටපිරිස් විසින් වට්ටප්පලේ කන්නගි අම්මාන් කෝවිලේ වාර්ෂික මංගල්‍යයට සමගාමීව 2025 ජුනි මස 09 දින සීනි සම්බල් බනිස් සහ කොත්තමල්ලි දන්සලක් පවත්වන ලදී.
ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ මූලිකත්වයෙන් බත් දන්සැලක් පවත්වයි
ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර සහ ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් පී.ආර් පතිරවිතාන USAWC psc ගේ මඟපෙන්වීම මත ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස් හා දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ සාමාජිකයන් ඒකාබද්ධව 2025 ජුනි මස 10 දින දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන පරිශ්‍රයේදී බත් දන්සලක් පැවැත්වීය.
ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර පොසොන් පොහෝය සමරයි
කැන්ඳලන්ද නිලධාරි විවාහක නිවාස සංකීර්ණයේ නේවාසික යුද්ධ හමුදා නිලධාරින්ගේ පවුල්වල සාමාජිකයන් විසින් 2025 ජුනි මස 11 දින එම විවාහක නිවාස සංකීර්ණය ඉදිරිපිටදී අයිස්ක්‍රීම් සහ කිරි තේ පැන් දන්සලක් පවත්වන ලදී.
කමාන්ඩෝ බලසේනාවේ මූලිකත්වයෙන් රුධිර පරිත්‍යාග වැඩසටහනක්
කමාන්ඩෝ බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් කේ.වී.අයි.එල් ජයවීර USP ගේ මඟපෙන්වීම මත මානුෂීය මෙහෙයුමේදී දිවිපිදූ වීරෝදාර රණවිරුවන්ට පිං අනුමෝදන් කරමින් කමාන්ඩෝ බලසේනාව හා රාගම ශික්‍ෂණ රෝහල් රුධිර බැංකුව සමඟ සහයෝගයෙන් යුතුව 2025 ජුනි මස 11 දින කමාන්ඩෝ බලසේනා මූලස්ථාන පරිශ්‍රයේදී රුධිර පරිත්‍යාග වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වෙච්ඡා බලසේනා මූලස්ථානය පොසොන් පොහෝය සමරයි
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරල් ඩී.කේ.එස්.කේ දොලගේ USP nps psc ගේ මඟපෙන්වීම මත ශ්‍රී ලංකා යුද්ධ හමුදා බෞද්ධ සංගමය, ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාව සහ ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුව ඒකාබද්ධව පොසොන් පොහෝ දිනයට සමගාමීව 2025 ජුනි මස 10 දින පනාගොඩ, ශ්‍රී මහා බෝධිරාජාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී ‘සීල සමාධි’ වැඩසටහනක් පැවැත්වීය.