යුද්ධ හමුදා විශේෂාංග
නව කළමනාකරණ සහ නඩත්තු අධ්‍යක්‍ෂ රාජකාරි අරඹයි
කළමනාකරණ සහ නඩත්තු අධ්‍යක්‍ෂ මණ්ඩලයේ නව අධ්‍යක්‍ෂ ලෙස බ්‍රිගේඩියර් කේ.එම්.එන්.ඒ.ඩබ්ලිව්.කේ පෙරේරා AATO යුද්ධ හමුදා මූලස්ථානයේදී 2025 ජුනි මස 02 දින පැවති උත්සවයකදී ධූරයේ රාජකාරි කටයුතු භාරගත්තේය.
කූරගල සහ බණ්ඩාරවෙල ප්‍රදේශයන්හි ඇති වූ ලැව්ගිනි මැඩපැවැත්වීම සඳහා යුද්ධ හමුදා භටපිරිස්හි දායකත්වය
61 පාබල සේනාංකයේ සේනාංකාධිපතිගේ උපදෙස් මත කූරගල ප්‍රදේශයේ පිහිටි පිහිඹියගොල්ල රක්‍ෂිතයේ 2025 ජුනි මස 03 දින ඇති වූ ලැව්ගින්න මැඩපැවැත්වීම සඳහා 18 බලඇණිය ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස් සිය දායකත්වය ලබාදුන්හ.
ක්‍රීඩා අධ්‍යක්‍ෂ මණ්ඩලයේ නව අධ්‍යක්‍ෂ රාජකාරි අරඹයි
පනාගොඩ, යුද්ධ හමුදා ජනපදයේ ස්ථාපිත ක්‍රීඩා අධ්‍යක්‍ෂ මණ්ඩලයේ නව අධ්‍යක්‍ෂ ලෙස බ්‍රිගේඩියර් කේ.ඒ.ඩී.සී.ආර් කන්නන්ගර RSP ndc විසින් 2025 මැයි මස 29 දින සිය රාජකාරි කටයුතු භාරගන්නා ලදී.
61 පාබල සේනාංකය සිය 17 වන සංවත්සරය අභිමානවත් අයුරින් සමරයි
61 පාබල සේනාංකයේ 17 වන සංවත්සර දිනයට සමගාමීව, එම සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කේ.ටී.පී. ද සිල්වා RSP ndu psc ගේ මඟපෙන්වීම යටතේ එම සේනාංකයේ භටපිරිස් විසින් 2025 මැයි මස 27 සහ 28 යන දෙදින තුළ ගාල්ල, සම්බෝධි ළමා හා වැඩිහිටි නිවාසයේ විශේෂ අවශ්‍යතා ඇති නේවාසික ළමුන් හා වැඩිහිටියන් 50 දෙනෙකු සඳහා සමාජ සත්කාරක වැඩසටහනක් පවත්වන ලදී.
නව විනයාරක්‍ෂාධිපති රාජකාරි අරඹයි
යුද්ධ හමුදා මූලස්ථානයේ විනයාරක්‍ෂක අධ්‍යක්‍ෂ මණ්ඩලයේ 2025 මැයි මස 29 දින පැවති උත්සවයකදී 16 වන විනයාරක්‍ෂාධිපති ලෙස බ්‍රිගේඩියර් ඒ.එම්.ආර් අබේසිංහ ndc විසින් රාජකාරි භාරගන්නා ලදී.
මයිලපිටිය රණවිරු ස්මාරකය අභියසදී රණවිරු සැමරුම් උත්සවයක් පවත්වයි
ජාතික රණවිරු දිනයට සමගාමීව, 2025 මැයි මස 29 දින මයිලපිටිය රණවිරු ස්මාරකය අභියසදී රණවිරු සැමරුම් උත්සවයක් පැවැත්විණි.
සැලසුම් අධ්‍යක්‍ෂ මණ්ඩලයේ නව අධ්‍යක්‍ෂ රාජකාරි අරඹයි
යුද්ධ හමුදා මූලස්ථානයේ සැලසුම් අධ්‍යක්‍ෂ මණ්ඩලයේ 29 වන අධ්‍යක්‍ෂ වශයෙන් බ්‍රිගේඩියර් ඒ.කේ පීරිස් RSP විසින් 2025 ජුනි මස 24 දින ධූරයේ රාජකාරි කටයුතු භාරගන්නා ලදී.
ශ්‍රී ලංකා සාමසාධක මෙහෙයුම් පුහුණු ආයතනයේ නව සේනාවිධායක සිය ධූරයේ රාජකාරි අරඹයි
ශ්‍රී ලංකා සාමසාධක මෙහෙයුම් පුහුණු ආයතනයේ නව සේනාවිධායක වශයෙන් බ්‍රිගේඩියර් වයි.එම්.එස්.සී.බී ජයතිලක RSP USP 2025 මැයි මස 15 දින එම පුහුණු ආයතනයේදී සිය ධූරයේ රාජකාරීන් භාර ගනු ලැබීය.
ධූරයෙන් නික්ම යන ප්‍රගුණ හා සැඟවුණු වෙඩිකරු පුහුණු පාසලේ සේනාවිධායක වෙත එම පුහුණු පාසලේ ගෞරවාචාරය
ධූරයෙන් නික්ම යන දියතලාව, ප්‍රගුණ හා සැඟවුණු වෙඩිකරු පුහුණු පාසලේ සේනාවිධායක...
ගම්පොළ සහිරා විද්‍යාලයේ වාර්ෂික ක්‍රීඩා උළලේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස පර්යේෂණ සංකල්ප හා මූලධර්ම අධ්‍යක්‍ෂ ජෙනරාල් සහභාගි වෙයි
ගම්පොළ සහිරා විද්‍යාලයේ වාර්ෂික ක්‍රීඩා උළෙල 2025 අප්‍රේල් මස 23 දින පැවති අතර එම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදා මූලස්ථානයේ පර්යේෂණ සංකල්ප හා මූලධර්ම අධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙනරල් ටී.එන් මජීඩ් RSP USP ndc Isc සහභාගි විය.