before 2024
පසුගිය පුවත්
යුද්ධ හමුදා සංවත්සර දින රාත්‍රී භෝජන සංග්‍රහය පනාගොඩ යුද්ධ හමුදා ජනපදයේදී
2024-10-11
යුද්ධ හමුදා දිනය සනිටුහන් කරමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සියලු නිලයන් අතර සුහදත්වය සහ සහයෝගීතාවය ඇතිකිරීමේ අරමුණින් පනාගොඩ යුද්ධ හමුදා ජනපදයේදී බ්‍රහස්පතින්දා (10) දින විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහයක් පැවැත්විණි. මෙම අවස්ථාව සඳහා යුද්ධ හමුදාවේ රෙජිමේන්තු 25 නියෝජනය කරමින් සාමාජිකයන් සහභාගී වී සිටි අතර, එම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ සහභාගී විය.
තව කියවන්න
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 75 වන සංවත්සර දින සැමරුම අභිමානවත් අයුරින් සැමරේ
2024-10-11
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 75 වන සංවත්සර සැමරුම අද (ඔක්තෝබර් මස 10) දින පනාගොඩ යුද්ධ හමුදා ජනපදයේදී උත්කර්ශවත් අයුරින් සමරනු ලැබීය. යුද්ධ හමුදා ඉතිහාසයේ සංධිස්ථානයක් ලෙස සැලකෙන මෙම සංවත්සර දිනය දශක තුනකට අධික කාලයක් පුරාවට අනේකවිධ ගැටළුවලට මුහුණ දී ජාතියට තිරසාර සාමයක් උදාකර දීම වෙනුවෙන් ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීම සඳහා වූ යුද්ධ හමුදා සාමාජිකයන්ගේ කැපවූ සේවය පෙන්නුම් කරයි. ජාතික ආරක්‍ෂාව සහතික කිරීම වෙනුවෙන් ඉදිරිපෙළ කටයුතු කිරීම සඳහා තම කාර්යභාරය අඛණ්ඩව ඉටු කිරීමට යුද්ධ හමුදාව ප්‍රතිඥා දී ඇත.
තව කියවන්න
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉංජිනේරු සේනාංකයේ නව සේනාංකාධිපති රාජකාරි අරඹයි
2024-10-11
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉංජිනේරු සේනාංකයේ 7 වන සේනාංකාධිපති ලෙස බ්‍රිගේඩියර් එස්.පී.ජී. ගමගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී 2024 ඔක්තොම්බර් මස 9 දින මත්තේගොඩ ප්‍රදේශයේ පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉංජිනේරු සේනාංක මූලස්ථානයේදී ආගමික වතාවත් මධ්‍යයේ හමුදා සම්ප්‍රදායානුකූලව පැවති කෙටි උත්සවයකදී රාජකාරි භාරගනු ලැබීය.
තව කියවන්න
ධුරයෙන් නික්ම යන 61 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන් වෙත එම සේනාංකයේ ගෞරවාචාරය
2024-10-11
ධුරයෙන් නික්ම යන 61 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කේ.එච්.එම්.එස්. වික්‍රමරත්න ආර්එස්පී වෙත හමුදා සම්ප්‍රදායානුකූල ගෞරවාචාර පුදකිරීමේ උත්සවයක් 2024 ඔක්තෝම්බර් 08 වන දින එම සේනාංක මූලස්ථාන පරිශ්‍රයේදී පැවැත්විණි.
තව කියවන්න
551 පාබල බලසේනාවේ මූලිකත්වයෙන් ඩෙංගු මර්ධන වැඩසටහනක්
2024-10-11
ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.සී.බී. වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී සහ 551 පාබල බලසේනාවේ වැඩබලන බලසේනාධිපති කර්නල් ටී.බී.එම්.ආර්. කන්දකුඹුර ආර්එස්පී යූඑස්පී ගේ මඟපෙන්වීම මත 551 පාබල බලසේනාව වෙතින් 2024 ඔක්තෝම්බර් මස 08 දින කිලිනොච්චිය නගරයේ විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කෙරිණි.
තව කියවන්න
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 75 වන සංවත්සර දිනය නිමිත්තෙන් තැපැල් දෙපාර්තමේන්තුව වෙතින් විශේෂ මුද්දරයක් නිකුත් කෙරේ
2024-10-10
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 75 වන සංවත්සර දිනය නිමිත්තෙන් තැපැල් දෙපාර්තමේන්තුවේ මුද්දර කාර්යාංශය වෙතින් බ්‍රහස්පතින්දා (10) දින විශේෂ සමරු මුද්දරයක් නිකුත් කරනු ලැබීය. යුද්ධ හමුදා මූලස්ථානයේ පැවති මෙම උත්සව අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ සහභාගී විය.
තව කියවන්න
විශේෂ බලකායේ මූලිකත්වයෙන් කොහොනාවල ප්‍රදේශයේ නව බස් නැවතුම්පොළක් ඉඳිකෙරේ
2024-10-10
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 75 වන සංවත්සර දිනයට සමගාමීව විශේෂ බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ භටපිරිස් විසින් කොහොනාවල ප්‍රදේශයේ ඒ 9 මාර්ගයට යාබදව ඉදිකරනු ලැබූ බස් නැවතුම්පොළ 2024 ඔක්තෝම්බර් මස 09 දින විවෘත කෙරිණි.
තව කියවන්න
ධූරයෙන් නික්ම යන ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ බලකාධිපතිට එම රෙජිමේන්තුවේ ගෞරවාචාරය
2024-10-10
ධූරයෙන් නික්ම යන ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් පී.ඒ.සී. ප්‍රනාන්දු යූඑස්පී වෙත හමුදා සම්ප්‍රදායානුකූල ගෞරවාචාරය පුදකිරීමේ උත්සවයක් එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේ 2024 ඔක්තෝම්බර් මස 3 දින පැවැත්විණි.
තව කියවන්න
11 පාබල සේනාංකයේ සේනාංකාධිපති, මධ්‍යම පළාත් ආණ්ඩුකාරතුමන් හමුවෙයි
2024-10-10
11 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කේ.ඒ.යූ. කොඩිතුවක්කු ආර්එස්පී යූඑස්පී පීඑස්සී අයිජී 2024 ඔක්තෝම්බර් මස 09 දින මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ සුහද සංචාරයක නිරතවෙමින් මධ්‍යම පළාත් ආණ්ඩුකාර ගරු එස්.බී.එස්. අබේකෝන් මහතා හමුවිය.
තව කියවන්න
8 බලඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාවේ මූලිකත්වයෙන් නිවාස අවශ්‍යතා සහිත පවුලක් වෙත නව නිවසක්
2024-10-10
දානපතියන්ගේ මූල්‍ය අනුග්‍රාහකත්වය මත 8 බලඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් විසින් කුට්ටිවිල, කිරිඳිවෙල ප්‍රදේශයේ නිවාස අවශ්‍යතා සහිත පවුලක් වෙනුවෙන් ඉඳිකරනු ලැබූ නව නිවසක් 2024 ඔක්තෝබර් මස 09 දින පැවති කෙටි උත්සවයකදී නිවාසලාභීන් වෙත පවරාදෙනු ලැබීය.
තව කියවන්න