before 2024
පසුගිය පුවත්
212 පාබල බලසේනාවේ මූලිකත්වයෙන් ලේ දන්දීමේ වැඩසටහනක්
2024-10-10
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 75 වන සංවත්සර දිනයට සමගාමීව 212 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ආර්.එම්.සී. රත්නායක ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ගේ මඟපෙන්වීම මත 2024 ඔක්තෝම්බර් මස 7 දින එම බලසේනා මූලස්ථානයේදී ලේ දන්දීමේ වැඩසටහනක් පවත්වන ලදී. ඒ සඳහා නිලධාරින් සහ සෙසුනිලයන් 173 දෙනෙකු සිය දායකත්වය ලබාදුන්හ.
තව කියවන්න
75 වන යුද්ධ හමුදා සංවත්සර දිනය වෙනුවෙන් 11 පාබල සේනාංකයේ මූලිකත්වයෙන් දීප ව්‍යාප්ත පිරිසිදු කිරීමේ වැඩසටහනක්
2024-10-10
11 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කේ.ඒ.යූ. කොඩිතුවක්කු ආර්එස්පී යූඑස්පී ගේ මඟපෙන්වීම මත එම සේනාංකය යටතේ සේවයේ නියුතු භටපිරිස් විසින් 75 වන යුද්ධ හමුදා සංවත්සර දිනයට සමගාමීව පිරිසිදු කිරීමේ වැඩසටහන් කිහිපයක් ක්‍රියාත්මක කරන ලදී.
තව කියවන්න
පනාගොඩ විරු කැකුළු පෙර පාසලේදී ලෝක ළමා දිනය සමරයි
2024-10-10
ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් ඒ.එච්.එල්.ජී. අමරපාල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී සහ විරු කැකුළු පෙර පාසලේ ප්‍රධාන පාලිකා සුරංගි අමරපාල මහත්මියගේ මඟපෙන්වීම යටතේ “දරුවන් සුරකිමු - ඔවුන්ට සමානව සලකමු” තේමාව ඔස්සේ ලෝක ළමා දිනය සමරමින් පනාගොඩ විරු කැකුළු පෙර පාසලේ ඉගෙනුම ලබන ළමුන් වෙනුවෙන් ශ්‍රී ලංකා පාබල හමුදා ශ්‍රවණාගාරයේදී 2024 ඔක්තෝම්බර් මස 1 දින විශේෂ උත්සවයක් පැවැත්විණි.
තව කියවන්න
11 පාබල සේනාංකයේ සේනාංකාධිපති 2 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ නිල සංචාරයක
2024-10-10
11 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කේ.ඒ.යූ. කොඩිතුවක්කු ආර්එස්පී යූඑස්පී පීඑස්සී අයිජී 2024 ඔක්තෝබර් මස 02 දින 2 (ස්වේච්ඡා) බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ නිල සංචාරයක නිරතවිය.
තව කියවන්න
75 වන යුද්ධ හමුදා දිනය වෙනුවෙන් යුද්ධ හමුදාධිපතිතුමාගේ පණිවුඩය
2024-10-10
ජාතිය සුරැකීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදා සෙබළුන් වෘත්තීමය වශයෙන් සහ කඩිසරව කටයුතු කළයුතු බව මෙන්ම සංහිඳියාව ශක්තිමත් කිරීමට සහ රටේ ආර්ථික, සමාජීය හා සංස්කෘතික වටිනාකම් ආරක්‍ෂා කිරීමට සක්‍රීයව දායකවියයුතු බවත් යුද්ධ හමුදාධිපතිතුමන් තම 75 වන යුද්ධ හමුදා දින පණිවුඩයෙන් ප්‍රකාශ කරයි.
තව කියවන්න
512 පාබල බලසේනාව විසින් සංවිධානය කරන ලද වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක්
2024-10-09
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 75 වැනි සංවත්සර දිනය නිමිත්තෙන් 512 පාබල බලසේනාව විසින් 2024 ඔක්තෝබර් මස 4 දින වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක් සංවිධානය කරන ලදී.
තව කියවන්න
නව ප්‍රධාන ක්ෂේත්ර ඉංජිනේරු රාජකාරි භාර ගැනීම
2024-10-09
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 18 වන ප්‍රධාන ක්ෂේත්ර ඉංජිනේරු ලෙස මේජර් ජෙනරල් ටී.සී. පීරිස් ආර්එස්පී යුඑස්පී 2024 ඔක්තෝම්බර් මස 09 දින යුද්ධ හමුදා මූලස්ථානයේ පැවති කෙටි උත්සවයකදී රාජකාරි භාර ගන්නා ලදී.
තව කියවන්න
‘යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු ස්කොෂ් ශූරතාවලිය - 2024’ සාර්ථකව අවසන්
2024-10-09
‘යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු ස්කොෂ් ශූරතාවලිය - 2024’ තරඟාවලිය ඔක්තෝම්බර් මස 07 දින පනාගොඩ ස්කොෂ් පිටියේදී පැවැත්විණි. යුද්ධ හමුදා රෙජිමේන්තු 13 ක ක්‍රීඩකයන් ඉසව් 12 ක් නියෝජනය කරමින් තරඟාවලියේදී සුවිශේෂී දක්‍ෂතා එළිදැක්වූහ.
තව කියවන්න
12 බලඇණිය ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ මූලිකත්වයෙන් නිවාස අවශ්‍යතා සහිත පවුලක් වෙනුවෙන් නව නිවසක්
2024-10-09
12 බලඇණිය ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස්හි මූලිකත්වයෙන් ඊරාලක්කුලම්, සිත්තංඩි ප්‍රදේශයේ නිවාස අවශ්‍යතා සහිත පවුලක් වෙනුවෙන් ඉදිකරනු ලැබූ නව නිවසක් 2024 ඔක්තෝම්බර් මස 07 දින නිවාසලාභී පවුලේ සාමාජිකයන් වෙනුවෙන් පවරාදෙනු ලැබීය.
තව කියවන්න