බලඇණි පුහුණු උපදේශක සංස්කරණ පාඨමාලා අංක 01 – 2023 සාර්ථකව අවසන්
6th March 2023
මාදුරුඔය යුද්ධ හමුදා පුහුණු පාසල මගින් පවත්වනු ලැබූ බලඇණි පුහුණු උපදේශක සංස්කරණ පාඨමාලා අංක 01 – 2023 සහතිකපත් ප්‍රදානෝත්සවය පසුගිය බදාදා (01) දින මාදුරුඔය යුද්ධ හමුදා පුහුණු පාසලේදී පැවැත්වූ අතර, ඒ සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එම පුහුණු පාසලේ කාර්යයේ නියුතු සේනාවිධායක කර්නල් කුමාර රණතුංගමගේ සහභාගී විය.
මසක කාලයක් පුරා පැවති මෙම පාඨමාලාව සඳහා නිළධාරීන් 04 දෙනෙකු සහ සෙසු නිලයින් 39 දෙනෙකු සහභාගී වූ අතර, පාඨමාලාවේ දක්‍ෂතම ශිෂ්‍යයා ලෙස ලුතිනන් බී.එම්.අයි.ආර් පලාපත්වල සම්මාන ලැබීය.
ත්‍යාග ප්‍රදානෝත්සවය සඳහා යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයින් රැසක් සහභාගි වූහ.