ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර භටපිරිස් වෙත නීතිමය ගැටළු සම්බන්ධ වැඩමුළුවක්
12th February 2023
ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර, නීති නිලධාරි වශයෙන් රාජකාරි කරනු ලබන කපිතන් නුවන් ගුණසේකර විසින් ‘මූලික පරීක්‍ෂණ උසාවියක් පැවැත්වීම’ යන මාතෘකාව යටතේ නීතිමය ගැටළු පිළිබඳව සාකච්ඡා කිරීමේ හරවත් වැඩමුළුවක් පසුගිය බදාදා (08) දින එම මූලස්ථානයේදී පවත්වන ලදී.
ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් සුජීව හෙට්ටිආරච්චි ගේ උපදෙස් මත සංවිධානය කරනු ලැබූ මෙම වැඩමුළුව සඳහා 22, 23 සහ 24 වන පාබල සේනාංකයන්හි මාණ්ඩලික නිලධාරීන් සහ එම සේනාංක යටතේ ඇති බලසේනාවන්හි මේජර් පාලන හා භඨකාර්ය සම්පාදන නිලධාරීන්ද සහභාගී වූහ.