යුද්ධ හමුදාව විසින් නව ශිෂ්‍ය නායක නායිකාවන්ට පුහුණු වැඩමුළුවක්

15th February 2023

ගෝනවල සිරිපැරකුම් ධර්ම විද්‍යාලයේ පාසල් බලධාරීන්ගේ ඉල්ලීමකට අනුව යුද්ධ හමුදාවේ පුහුණු උපදේශකයින් විසින් පසුගිය ඉරිදා (2023 පෙබරවාරි 12) දින එම පාසලේ ශිෂ්‍ය නායක නායිකාවන් වෙත නායකත්ව කුසලතා සහ ශාරීරික යෝග්‍යතාවයන් වර්ධනය කරගැනීම සඳහා පුහුණු සැසියක් පවත්වන ලදී.

එම පාසලේ ශිෂ්‍ය නායක නායිකාවන්ගේ නායකත්ව ගුණාංග සහ ශාරීරික යෝග්‍යතාව වර්ධනය කරගැනීම සඳහා පුහුණු වැඩමුළුව මේජර් එන්. එම්. ජී. කේ. සී. නෙත්තිකුමාර සහ 8 වැනි ශ්‍රී ලංකා පාබල රෙජිමේන්තුවේ ශාරීරික පුහුණු අභ්‍යාස උපදේශක වරයෙකු විසින් මෙහෙයවන ලදී.

උදෑසන ආරම්භ වූ පුහුණු සැසිය සඳහා නවක ශිෂ්‍ය නායක නායිකාවන් 40 දෙනෙකු සහභාගී වූ අතර, පසුව ඔවුන් වෙත නායකත්ව ශිල්පීය ක්‍රම, විනය, ආචාර ධර්ම ආදිය පිළිබඳ සවිස්තරාත්මක දේශනයක් පවත්වන ලදී.

මෙම ව්‍යාපෘතිය ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර සහ 14 වන පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන්ගේ මඟපෙන්වීම මත 141 වන පාබල බලසේනාවේ බලසේනාධිපති, නිලධාරීන් සහ සෙසු නිලයන් විසින් අධීක්‍ෂණ සහ මෙහෙයවීම් කටයුතු සිදුකරන ලදී.