ශ්‍රී ලංකා යුද්ධ හමුදා පුරෝගාමී බලකා සේවාවනිතා ශාඛාව මඟින් 1 ශ්‍රේණියේ දරුදැරියන් වෙනුවෙන් පරිත්‍යාග වැඩසටහනක්

30th July 2024

1 ශ්‍රේණියට ඇතුළත් වන දරුදැරියන් වෙනුවෙන් පරිත්‍යාග වැඩසටහනක් ශ්‍රී ලංකා යුද්ධ හමුදා පුරෝගාමී බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි එච්.ජී. ස්වර්ණලතා මහත්මියගේ මගපෙන්වීම යටතේ 2024 ජූලි මස 27 දින ශ්‍රී ලංකා යුද්ධ හමුදා පුරෝගාමී බලකායේ දී පවත්වන ලදී.

මෙම වැඩසටහන සඳහා එම සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයන්ද සහභාගී වූහ.