ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකා සේවා වනිතා ශාඛාවේ වාර්ෂික මහා සභා රැස්වීම සාර්ථකව පවත්වයි

22nd May 2024

ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකා සේවා වනිතා ශාඛාවේ වාර්ෂික මහා සභා රැස්වීම මැයි මස17 දින එම බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පැවැත්විණි.

එම සේවා වනිතා ශාඛාවේ සභාපතිනී නන්දනී සමරකෝන් මහත්මියගේ ප්‍රධානත්වයෙන් රැස්වීමේ කටයුතු ආරම්භ කළ අතර, එහිදී එතුමිය ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිත සුභසාධන ව්‍යාපෘතීන් පිළිබඳව විස්තර කරමින් එම වැඩසටහන් සඳහා අවශ්‍ය අරමුදල් සම්පාදනය කරගැනීම පිළිබඳවත් මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කරනු ලැබීය. මෙම අවස්ථාවට ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකා සේවා වනිතා ශාඛාවේ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන් සහභාගී වූහ.