ඉංජිනේරු සේවා බළකා නව සේවා වනිතා සභාපතිනිය ධූරයේ රාජකාරි අරඹයි

27th August 2024

ඉංජිනේරු සේවා බළකායේ සේවා වනිතා ශාඛාවේ සභාපතිනී ලෙස අනුපමා රත්නායක මහත්මිය ආගමික වතාවත් මධ්‍යයේ එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී 2024 අගෝස්තු මස 22 දින ධූරයේ රාජකාරි ගන්නා ලදී.

රෙජිමේන්තු මූලස්ථානය වෙත සැපමිණි අනුපමා රත්නායක මහත්මිය , උප සභාපතිනී අරුණි චන්ද්‍රසේකර මහත්මිය විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබුවාය.

ආගමික වතාවත් වලින් අනතුරුව එතුමිය සංකේතාත්මක නිල ලේඛණයකට අත්සන් තබමින් නව ධූරයේ රාජකාරී භාර ගත්තාය.

නව සභාපතිනිය සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන් අමතමින් සුහද පිළිසඳරක නිරත වූ අතර, උත්සවයේ සමාප්තිය සනිටුහන් කරමින් නිලධාරී නිවස්නයේ තේ පැන් සංග්‍රහයක්ද පැවැත්විණි.