යුද්ධ හමුදාධිපතිතුමන් ශ්‍රී ලංකා පාබල හමුදාවේ නව සුභසාධන පහසුකම් සංකීර්ණය විවෘත කරයි
30th September 2024
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ගේ ප්‍රධානත්වයෙන් 2024 සැප්තැම්බර් මස 29 දින ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ නවතමයෙන් ඉදිකරන ලද සුභසාධන පහසුකම් සංකීර්ණය උත්සවාකාරයෙන් විවෘත කරන ලදී.
‘Bugler's Den’ ලෙස නම් කර ඇති අති නවීන පහසුකම් සහිත වූ මෙම සුභසාධන පහසුකම් සංකීර්ණය මඟින් භටපිරිස්හි සුභසාධනය වැඩිදියුණු කිරීම සඳහා අවශ්‍ය පහසුකම් සපයයි.
සුභසාධන පහසුකම් සංකීර්ණයෙහි සුපිරි වෙළඳසැලක්, ආපනශාලාවක්, කරනවෑමිහලක්, ප්‍රකාශන මධ්‍යස්ථානයක්, මැහුම්හලක්, උපන්දින සාද සහ සංගීත රසාස්වාදය සඳහා වෙන් වූ ස්ථානයන් ඇතුළත් වේ.
මෙමඟින් සහන මිලට භටපිරිස් වෙත අත්‍යාවශ්‍ය සේවා සපයනු ලබයි. 1 ඉංජිනේරු සේවා බලකායේ සහ ශ්‍රී ලංකා පාබල හමුදා සාමාජිකයන්ගේ ශ්‍රම දායකත්වය සහ තාක්‍ෂණික දැනුම යොදාගනිමින් මෙම සංකීර්ණයේ ඉදිකිරීම් කටයුතු සිදුකරන ලදී.
මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි යුද්ධ හමුදාධිපතිතුමන්ව ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම සහ ශ්‍රී ලංකා පාබල හමුදාවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් ජී.එම්.එන් පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී, ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් ජේ.කේ.ආර්.පී ජයසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගන්නා ලදී.
ප්‍රධාන ආරාධිත අමුත්තා විසින් සමරු ඵලකය නිරාවරණය කර නව පහසුකම් පරිශ්‍රය උත්සවාකාරයෙන් විවෘත කිරීමෙන් අනතුරුව මහා සංඝරත්නයේ ආශිර්වාද ලබාගන්නා ලදී.
නව පහසුකම් සංකීර්ණය විවෘත කිරීමෙන් අනතුරුව ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සපැමිණි යුද්ධ හමුදාධිපතිතුමන් එම පරිශ්‍රයේ නිරීක්‍ෂණ චාරිකාවක නිරත වූ අතර, එම අවස්ථාව සනිටුහන් කරමින් එතුමන් කඳවුරු පරිශ්‍රයේ පැළයක් ද රෝපණය කරනු ලැබීය.
නව පහසුකම් සංකීර්ණය විවෘත කිරීමෙන් අනතුරුව ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සපැමිණි යුද්ධ හමුදාධිපතිතුමන් එම පරිශ්‍රයේ නිරීක්‍ෂණ චාරිකාවක නිරත වූ අතර, එම අවස්ථාව සනිටුහන් කරමින් එතුමන් කඳවුරු පරිශ්‍රයේ පැළයක් ද රෝපණය කරනු ලැබීය.
ශ්‍රී ලංකා පාබල හමුදාවේ රෙජිමේන්තු අධිපතිතුමන් විසින් ප්‍රධාන ආරාධිත අමුත්තා වෙත විශේෂ සමරු තිළිණයක් ප්‍රදානය කරන ලද අතර, උත්සවයේ කටයුතු සමාප්ත කරමින් සියලු නිල තේ පැන් සංග්‍රහයක් ද පැවැත්විණි.
මෙම අවස්ථාවට අධ්‍යක්‍ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික, යුද්ධ හමුදා මූලස්ථානයේ ඉංජිනේරු සේවා අධ්‍යක්‍ෂ, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ ශ්‍රී ලංකා පාබල හමුදාවේ සෙසුනිලයන් සහභාගී වූහ.