යුද්ධ හමුදා ජූඩෝ ශූරතාවය - 2024 ගජබා රෙජිමේන්තුවට
26th September 2024
යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු ජූඩෝ ශූරතාවලිය - 2024, ත්‍යාග ප්‍රදානෝත්සවය සැප්තැම්බර් මස 25 දින පනාගොඩ යුද්ධ හමුදා ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
බර පන්ති අනුව කණ්ඩායම් සහ කේවල යන කාණ්ඩ ද්විත්වය යටතේ මෙම තරඟාවලිය 2024 සැප්තැම්බර් මස 22 දින සිට 25 දින දක්වා පැවැත්විණි. ඒ සඳහා යුද්ධ හමුදාවේ රෙජිමේන්තු 18 ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 200 කට අධික සංඛ්‍යාවක් සහභාගී වූහ.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකා යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධාන සහ යුද්ධ හමුදා ජූඩෝ කමිටුවේ සභාපති ඩබ්ලිව්.පී.ඒ.ඩී.ඩබ්ලිව් නානායක්කාර ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී විය. එහිදී එතුමන් ආඥාපති භඨකාර්ය සම්පාදක අණසක මූලස්ථානය - නැගෙනහිර සහ යුද්ධ හමුදා ජූඩෝ කමිටුවේ උප සභාපති බ්‍රිගේඩියර් ඩබ්ලිව්.එම්.එස්.එන්. විජේකෝන් එන්ඩීසී ඒඒටීඕ විසින් පිළිගනු ලැබීය.
එහිදී ගජබා රෙජිමේන්තුව සමස්ත තරඟය සහ කණ්ඩායම් ඉසව් දෙකම ජයගනිමින් සමස්ත ලකුණු 37ක් ලබාගනිමින් ශූරතාවය හිමිකර ගත් අතර, ලකුණු 29.5ක් ලබාගත් ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකාය අනුශූරතාව හිමිකර ගත්තේය.
ආධුනික අංශයේ ශූරතාවය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවට හිමි වූ අතර, අනුශූරතාවය ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවට හිමිවිය.
ත්‍යාග ප්‍රදානෝත්සවයට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයන් පිරිසක් සහභාගි වූහ.
ඒකල අංශයේ දක්‍ෂතාවයන් පහත පරිදි වෙයි
පිරිමි ඒකල ශූරතා විවෘත ඉසව්වේ රන් පදක්කම කෝප්‍රල් ඊ.එම්.එන්.කේ. චින්තක - ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකාය
කාන්තා ඒකල ශූරතා විවෘත ඉසව්වේ රන් පදක්කම කෝප්‍රල් ඩබ්ලිව්.එල්.ඒ.එච්. ඉමේෂා ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකාය