ඕස්ට්‍රේලියානු නියෝජිත පිරිසක් මෙරට යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධාන හමුවෙයි
23rd October 2024
කර්නල් ලාරා ට්‍රෝයි සීඑස්සී ගේ ප්‍රධානත්වයෙන් කර්නල් අමන්දා ජොන්ස්ටන් (ආරක්‍ෂක උපදේශක), කර්නල් එමා මාරි තෝමස් (නවසීලන්තය) සහ ආරක්‍ෂක සහ උපායමාර්ගික පාඨමාලාව - 2024 හි කර්නල් ඇන්ඩෲ ගෝර්ඩන් ටෙම්පල් කර්බි යන ඕස්ට්‍රේලියානු දූත පිරිසක් 2024 ඔක්තෝබර් මස 21 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධාන මේජර් ජෙනරල් ඩබ්ලිව්.පී.ඒ.ඩී.ඩබ්ලිව්. නානායක්කාර ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ හමුවිය.
සාකච්ඡාව අතරතුර, දෙරටෙහි සන්නද්ධ හමුදාවන් අතර මිත්‍රත්වය, සහයෝගීතාවය සහ අන්‍යෝන්‍ය අවබෝධය පිළිබඳව අදහස් හුවමාරු ගන්නා ලදී.
සුහද හමුව අවසානයේදී දෙපාර්ශවය අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදුවූහ. මෙම අවස්ථාවට යුධ සේවා ලේඛම් මේජර් ජෙනරල් කේ.එම්.පී.එස්.බී කුලතුංග ආර්එස්පී එන්ඩීසී පීඑස්සී සහභාගී විය.