07th April 2023 20:09:05 පැය
යුද්ධ හමුදා භටපිරිස් විසින් යාපනය තුන්නාලෙයි ප්‍රදේශයේ ඉදිකරන ලද 767 වැනි නව නිවස එම නිවාසලාභින් වෙන භාරදීමේ උත්සවයේදී එම ගම්මානයේ පදිංචි කාන්තාවක් වන ෂන්මුගනම් චන්ද්‍රකලා මහත්මිය, නිවාස ලාභී පවුල වෙනුවෙන් යුද්ධ හමුදාව ඇගයීමට ලක්කරමින් අදහස් දැක්වීය. ඇයගේ සම්පූර්ණ කතාව පහත දැක්වේ.
03rd April 2023 16:04:27 පැය
වසර ගණනාවකට පෙර යුද්ධ හමුදාවේ සේවය කර ඇති ප්‍රවීණ රංගන ශිල්පී අභාවප්‍රාප්ත අමරසිරි කලංසූරිය මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ සහ යුද්ධ හමුදා විධායක ජෙනරාල් මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.සී.බී වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී සඳුදා (3) දින පෙරවරුවේ සහභාගී වූහ.
31st March 2023 20:51:22 පැය
ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර සංචාරයේ නිරත යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ සිය සංචාරය අතරතුර පසුගිය සිකුරාදා (31) දින ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පිහිටි 22 වන සේනාංක මූලස්ථානයේ සංචාරය කළේය.
31st March 2023 19:00:22 පැය
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර සිදුකරන සංචාරයේ දෙවන අදියර ලෙස ගල්කන්ද පිහිටි යුධ හමුදා ගොවිපළ පරිශ්‍රයේ 3 වන (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් බලකායේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වන කුකුලු පාලන සත්ත්ව ගොවිපළ නිරීක්ෂණය කරනු ලැබුවේය.
31st March 2023 09:13:21 පැය
ආරක්ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් එස්.ආර්.කේ. හෙට්ටිආරච්චි ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී ගේ ආරාධනයකට අනුව ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර බලප්‍රදේශයේ සේවයේ නියුතු භටපිරිස් හමුවීමේ අරමුණින් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ඉකුත් බ්‍රහස්පතින්දා (මාර්තු මස 30) දින එම ආරක්ෂක සේනා මූලස්ථාන පරිශ්‍රයේ සංචාරයක නිරත විය.
30th March 2023 22:34:32 පැය
එක්සත් ජාතීන්ගේ බහුවිධ ඒකාබද්ධ ස්ථායිතාවය ඇතිකිරීමේ මෙහෙයුම් මූලස්ථානයේ සේවය කිරීම සඳහා පිටත්ව යාමට නියමිත අතිරේක ‘ශ්‍රී ලංකා යුද්ධ හමුදා සංග්‍රාමික රථ ආරක්ෂක භට ඛණ්ඩය බී-1’ සිදුකරනු ලබන මෙහෙයුම් සූදානම පිළිබඳ විමර්ශනය කිරීම සඳහා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ ඇගයීම් සහ උපදේශන කණ්ඩායම ඉකුත් බදාදා (22) දින මත්තේගොඩ ඉංජිනේරු සේනාංකයේ සංචාරයක නිරත වූහ.
29th March 2023 19:43:58 පැය
වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් හේතුවෙන් ඉකුත් අඟහරුවාදා (28) දින කොළොන්නාව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථා පරිශ්‍රයේ අඩාල වූ ඉන්ධන බෙදාහැරීමේ කටයුතු නැවත යථා තත්ත්වයට පත්කිරීම සඳහා ආරක්ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 2 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදාවේ සහ 20 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් දායකත්වය ලබාදුන්හ.
29th March 2023 19:36:58 පැය
ගරු ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා සහ ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා සිකුරාදා (24) දින පස්වරුවේ අත්තිඩිය මිහිඳු සෙත් මැඳුරේ නේවාසිකව ප්‍රතිකාර ලබන රණක්ෂිතයට පත් රණවිරුවන්ගේ සුවදුක් විමසා බැලීම සඳහා එම සුවතා නිකේතනයේ සංචාරයක නිරත වූහ.
29th March 2023 19:33:58 පැය
නුදුරේදි විශ්‍රාම දිවියට එළඹෙන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ කීර්තීමත් ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන මේජර් ජෙනරල් එච්.ඩී.කේ. හෙයියන්තුඩුව ආර්ඩබ්ලිව්පී ආර්එස්පී සිය පවුලේ සාමාජිකයන් සමඟ පසුගිය බදාදා (29) දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ හමුවිය. එතුමන් මීට පෙර පාකිස්ථානයේ ඉස්ලාමාබාද් නුවර පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක අමාත්‍ය උපදේශක තනතුර ද හෙබවීය.
27th March 2023 21:00:21 පැය
මාලි රාජ්‍යයේ බහුවිධ ඒකාබද්ධ ස්ථායීතාවය ඇති කිරීමේ මෙහෙයුම් මූලස්ථානයේ රාජකාරි සඳහා පිටත්ව යාමට පුහුණුවීම්වල නිරතව සිටින යුද්ධ හමුදා සාමාජිකයන්ගේ හැකියාවන් පිළිබඳ සොයාබැලීමේ අරමුණින් ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ ඇගයීම් සහ උපදේශන කණ්ඩායම පසුගිය සිකුරාදා (24) දින කුකුළේගඟ පිහිටි ශ්‍රී ලංකා සාමසාධක මෙහෙයුම් පුහුණු ආයතනයේ සංචාරයක නිරත වූහ.