Header

Sri Lanka Army

Defender of the Nation

31st March 2023 19:00:22 Hours

යුද්ධ හමුදා භටපිරිස්හි ආහාර සුරක්‍ෂිතතා ව්‍යාපෘති යුද්ධ හමුදාධිපතිතුමන්ගේ ඇගයීමට

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර සිදුකරන සංචාරයේ දෙවන අදියර ලෙස ගල්කන්ද පිහිටි යුධ හමුදා ගොවිපළ පරිශ්‍රයේ 3 වන (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් බලකායේ අධීක්‍ෂණය යටතේ ක්‍රියාත්මක වන කුකුලු පාලන සත්ත්ව ගොවිපළ නිරීක්‍ෂණය කරනු ලැබුවේය.

කුකුලු පාලනය ඉදිරියේදී යුද්ධ හමුදාව යටතේ ක්‍රියාත්මක වන අනෙකුත් ගොවිපළවල ආරම්භ කිරීමට නියමිතව ඇති අතර යුද්ධ හමුදා සාමාජිකයන්ගේ ආහාර සඳහා අවශ්‍ය සම්පූර්ණ බිත්තර ප්‍රමාණය එම ගොවිපළවල් තුලින් නිෂ්පාදනය කරගැනීමට අපේක්‍ෂා කෙරේ.

පසුව කන්දකාඩු යුද්ධ හමුදා ගොවිපළ වෙත සපැමිණි යුද්ධ හමුදාධිපතිතුමන් 3 වන (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් බලකාය යටතේ නිෂ්පාදනය කරනු ලබන කැලෑ සලාක මලු නිෂ්පාදන, කිරි නිෂ්පාදන, කිරි සැකසුම් ඒකකය සහ ගව ගොවිපළ ඇතුළු බහුවිධ ව්‍යාපෘතීන් ද නිරීක්‍ෂණය කළේය.

රටේ ආහාර සුරක්‍ෂිතතාවය වෙනුවෙන් කැපවන භටපිරිස් තවදුරටත් දිරිමක් කරමින් හොඳම කළමණාකාරීත්වයෙන් යුතු ගොවිපළ සහ ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ කෘෂිකාර්මික කටයුතුවල නිරත හොඳම යුද්ධ හමුදා සාමාජිකයා වෙත මූල්‍යමය ත්‍යාග සහ තවත් විශේෂ ත්‍යාග යුද්ධ හමුදාධිපතිතුමන් විසින් ප්‍රදානය කරනු ලැබීය. කෘෂිකර්ම හා පශු සම්පත් අධ්‍යක්‍ෂ මණ්ඩලයෙන් සංවිධානය කරනු ලැබූ මෙම තරඟය සඳහා යුද්ධ හමුදාව මඟින් පාලනය වන ගොවිපළ 21 ක් සලකා බැලූ අතර එහිදී හොඳම ගොවිපළ ලෙස පහත සඳහන් ගොවිපළවල් 3 තේරීපත්විය.

හොඳම ගොවිපළ ප්‍රථම ස්ථානය - යුද්ධ හමුදා ගොවිපළ - අඩියා පුලියන්කුලම්

හොඳම ගොවිපළ දෙවන ස්ථානය - යුද්ධ හමුදා ගොවිපළ - මැණික්ෆාම්

හොඳම ගොවිපළ තෙවන ස්ථානය - යුද්ධ හමුදා ගොවිපළ - ගල්කන්ද

හොඳම නැගීඑන ගොවිපළ - යුද්ධ හමුදා ගොවිපළ - කන්දකාඩු

හොඳම නිලධාරි අණදෙන - ගල්කන්ද යුද්ධ හමුදා ගොවිපළේ සේවයේ නියුතු කපිතන් ඩබ්ලිව්.ඒ.වී.පී. විජයලත්

හොඳම ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරි - අඩිය පුලියාන්කුලම් යුද්ධ හමුදා ගොවිපළේ සේවයේ නියුතු බළලත් නිලධාරි II ආර්.එම්.එම්. බුද්ධික කුමාර