07th April 2023 20:09:05 Hours
යුද්ධ හමුදා භටපිරිස් විසින් යාපනය තුන්නාලෙයි ප්‍රදේශයේ ඉදිකරන ලද 767 වැනි නව නිවස එම නිවාසලාභින් වෙන භාරදීමේ උත්සවයේදී එම ගම්මානයේ පදිංචි කාන්තාවක් වන ෂන්මුගනම් චන්ද්‍රකලා මහත්මිය, නිවාස ලාභී පවුල වෙනුවෙන් යුද්ධ හමුදාව ඇගයීමට ලක්කරමින් අදහස් දැක්වීය. ඇයගේ සම්පූර්ණ කතාව පහත දැක්වේ.
‘‘යුද්ධය අවසන් වූ පසු රට තුළ සාමය ඇති කිරීමෙන් පසු ශ්‍රී ලංකා හමුදාව උතුරේ දෙමළ ජනතාවගේ සමීපතම ඥාතීන් ලෙස හදවත් හා සිත් තුළට පැමිණියේය. තුන්නාලෙයි යනු අඩු ආදායම්ලාභී පවුල්වල දැඩි ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ දිවිගෙවන පවුල් ජීවත් වන දුප්පත් ගම්මානයකි. යුද්ධ හමුදාවේ සහය ලබා දෙන තුරු මෙම ප්‍රදේශයේ ජනතාවගේ දුක් ගැනවිලි සොයා බැලීමට කිසිවකු උනන්දු වී නොමැත. දැඩි ආර්ථික දුෂ්කරතාවයෙන් පෙළෙන තුන්නාලෙයි ප්‍රදේශයේ අසරණ වූ මෙම දුප්පත් ජනතාවට යුද්ධ හමුදාවෙන් ලැබෙන සහයෝගය සහ අඛණ්ඩ සේවය ප්‍රශංසනීය වේ.
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් අප සමාජයේ දැඩි ආර්ථික දුෂ්කරතාවයෙන් පෙළෙන වඩාත්ම සුදුසු පුද්ගලයින් සොයා එම උතුරේ අසරණ ජනතාවට ශක්තියක් වෙමින් නිවාස නොමැති පුද්ගලයින් සඳහා නව නිවාස ඉදිකරනු ලැබේ. මේ වන විට උතුරේ නිවාස අවශ්‍යතා ඇති පුද්ගලයින් සඳහා යුද්ධ හමුදාව විසින් නිවාස විශාල ප්‍රමාණයක් ඉදිකර දී තිබීම සැබවින්ම ප්‍රශංසනීයයි.
තමන්ගේම කියා ස්ථිර නිවසක් නොමැතිව සිටින තම ආබාධිත සැමියා සහ දරුවන් සමඟින් යුද්ධ හමුදාව විසින් ඉදිකරන ලද මෙම අංග සම්පූර්ණ නිවස වෙත පදිංචියට ගිය අතර, මීට පෙර ඔවුන් ගතකල ජීවන තත්ත්වය දුටු යුද්ධ හමුදා නිලධාරීන් එම පවුල වෙනුවෙන් අද මෙම නව නිවස ඉදිකර දීමට පියවර ගත් අතර, ඒ සඳහා යුද්ධ හමුදාවට මගේ ගෞරවය හා කෘතඥතාව පුදකර සිටිමි.
ඒ වගේම මෙම ප්‍රදේශයේ යුද්ධ හමුදාව අපට ආරක්‍ෂාව සපයන අතර අවශ්‍ය වියළි ආහාර සලාක, පාසල් උපකරණ, පාපැදි ආදිය බෙදා දීමද සිදුකරනු ලබනවා. මෙම අවස්ථාවට සහභාගී වූ ඔබ සැමට ස්තූතිය පුද කරමින් මම මගේ කතාව අවසන් කරමි, ”