29th March 2023 19:43:58 Hours
වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් හේතුවෙන් ඉකුත් අඟහරුවාදා (28) දින කොළොන්නාව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථා පරිශ්‍රයේ අඩාල වූ ඉන්ධන බෙදාහැරීමේ කටයුතු නැවත යථා තත්ත්වයට පත්කිරීම සඳහා ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 2 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදාවේ සහ 20 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් දායකත්වය ලබාදුන්හ.
14 වන පාබල සේනාංකයේ ක්‍ෂණික ප්‍රතිචාර දැක්වීමේ යතුරු පැදි කණ්ඩායම්වල භටපිරිස් තෙල් පිරිපහදුවට සහ ඉන්ධන බෙදාහැරීමේ බවුසර්වලට අවශ්‍ය ආරක්‍ෂාව සපයමින් එම වාහන ප්‍රමාදයකින් තොරව ගමන් කිරීමට අවැසි පහසුකම් සලසා දෙන ලදී.
යුද්ධ හමුදාධිපතිතුමාගේ උපදෙස්වලට අනුව ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර ඇතුළු 14 සේනාංකයේ සේනාංධිපති සහ 144 පාබල බලසේනාවේ බලසේනාධිපතිගේ මඟපෙන්වීම යටතේ 144 පාබල බලසේනාවේ භටපිරිස්, 2 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදාවේ සහ 20 ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් විසින් තෙල් බවුසර් රැගෙන යාම සඳහා අවශ්‍ය ආරක්‍ෂාව සපයන ලදී.
ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර සම්බන්ධීකරණයෙන් මෙම අවස්ථාව සඳහා පොලිස් නිලධාරීන්ගේ ද සහයෝගය ලබා දෙන ලදී.