30th March 2023 22:34:32 Hours
එක්සත් ජාතීන්ගේ බහුවිධ ඒකාබද්ධ ස්ථායිතාවය ඇතිකිරීමේ මෙහෙයුම් මූලස්ථානයේ සේවය කිරීම සඳහා පිටත්ව යාමට නියමිත අතිරේක ‘ශ්‍රී ලංකා යුද්ධ හමුදා සංග්‍රාමික රථ ආරක්‍ෂක භට ඛණ්ඩය බී-1’ සිදුකරනු ලබන මෙහෙයුම් සූදානම පිළිබඳ විමර්ශනය කිරීම සඳහා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ ඇගයීම් සහ උපදේශන කණ්ඩායම ඉකුත් බදාදා (22) දින මත්තේගොඩ ඉංජිනේරු සේනාංකයේ සංචාරයක නිරත වූහ.
ජේම්ස් වික්ටර් ඩි රොකෝල් මහතා, කර්නල් ලෝරන්ස් කපිනා, ලුතිනන් කර්නල් රජීව්, මාර්ක් ෆ්ලඩ් සහ සත්වින්දර් සිං පෝල් යන එක්සත් ජාතීන්ගේ නියෝජිත පිරිස ඉංජිනේරු සේනාංකයේ සේනාංකාධිපති සහ ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් ලංකා අමරපාල විසින් පිළිගන්නා ලදී.
බිම් වෙඩිකෙත් නිසැක කිරීමේ පුහුණු පාඨමාලාව සාර්ථකව හැදැරු කාන්තා නිලධාරිනියන් 03 දෙනෙකු සහ කාන්තා සෙබළියන් 43 දෙනෙකු මෙහිදී සිය හැකියාවන් එක්සත් ජාතීන්ගේ නියෝජිත කණ්ඩායම වෙත ඉදිරිපත් කළහ.
ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ සෙබළියන් සඳහා ක්ෂේත්‍ර ඉංජිනේරු මූලික ක්‍රමවේද සහ මානුෂීය බිම්වෙඩි කෙත් නිසැක කිරීමේ පාඨමාලාව පසුගිය වසරේ යාපනයේ මයිලඩි ප්‍රදේශයේ පිහිටි 10 වන ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ සහ වවුනියාව ප්‍රදේශයේ පිහිටි ක්ෂේත්‍ර ඉංජිනේරු බලසේනා පරිශ්‍රයේදී ආරම්භ කරන ලදී. ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ ඇගයීම් සහ උපදේශන කණ්ඩායම මීට ප්‍රථම යුද්ධ හමුදා පුහුණු මධ්‍යස්ථාන කිහිපයක සංචාරය කරමින් එම පුහුණු මධ්‍යස්ථානයන්හි සිදුකරනු ලබන පුහුණු වැඩසටහන් නිරීක්‍ෂණය කරනු ලැබීය.
ඉංජිනේරු සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ලංකා අමරපාල, විදේශ මෙහෙයුම් අධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙනරල් එම්.කේ අසංග පෙරේරා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගී වූහ.