2019-03-05 11:47:02
නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 23 වන සේනාංකයට අයත් 233 වන බලසේනාවේ 28 වන සංවත්සර දිනයට සමගාමීව නැගෙනහිර පළාතේ කදිරවේලි, ටික්කන ප්‍රදේශයේ තෝරාගත් අඩු ආදායම්ලාභී පවුල් 35 ක් වෙත එකක් රුපියල් 2000/= ක පමණ වටිනාකමින් යුතු වියලි සලාක මලු තොගයක් පරිත්‍යාගශීලින්ගේ අනුග්‍රාහකත්වය ඇතිව පෙබරවාරි මස 26 වන දින බෙදාදෙන ලදී.
2019-03-04 18:23:19
මූලතිව් ආරක්ෂක සේනා ආඥාපතිතුමන්ගේ උපදෙස් මත එම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 68 වන සේනාංකය විසින් සංවිධානය කරනු ලැබූ මූලතිව් පාපන්දු තරඟාවලියේ අවසන් තරඟය සිකුරාදා (01) දින පූදුකුඩිඉරිප්පු මහජන ක්‍රීඩාංගණයේ දී පැවැත්විණි. මෙම තරඟාවලිය මුලතිව් දිස්ත්‍රික්කයේ පාපන්දු ක්‍රීඩාංගණ හතරකදී පෙබරවාරි මස 16 දින සිට 28 දින දක්වා මූලතිව් දිස්ත්‍රික්කයේ පාපන්දු කණ්ඩායම්...
2019-03-04 18:20:09
‘ගැටුම් කළමනාකරණය’ පිළිබඳ නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානයේ මධ්‍යම ශ්‍රේණියේ නිලධාරීගේ දැනුම හා කුසලතා ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ගැටුම්වල සෘණාත්මක ආරෝපණ ක්‍රියාවලිය අවම කිරීම හා එහි ධනාත්මක පැතිකඩයන් වැඩිදියුණු කිරීමේ එක්දින වැඩමුළුවක් පුහුණු අධ්යක්ෂ මණ්ඩලය ලබාදුන් උපදෙස් අනුව නැගෙනහිර ආරක්ෂක...
2019-03-04 18:14:09
මූලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 59 වන සේනාංකයට අයත් 593 වන බලසේනා බලප්‍රදේශයේ පිහිටි තෙරේසා අම්මාන් පෙර පාසල සහ කොක්කුතුඩුවායි පාල් නිලව් පෙර පාසල 'MAS Leisure Line' පුද්ගලික සමාගම සමඟ එක්ව යුද්ධ හමුදා සාමාජිකයින් විසින් ප්‍රතිසංස්කරණය කර බ්‍රහස්පතින්දා (28) දින පැවැති උත්සවයකදී සිසු අයිතියට පවරාදෙන ලදී.
2019-03-04 00:44:03
යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය විසින් ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව ‘කාන්තා අයිතිවාසිකම් සහ කාන්තාවන්ට එරෙහි ප්රචණ්ඩත්වය’ පිළිබඳ කාන්තා ප්‍රජාව දැනුවත් කිරීමේ වැඩමුළුවක් පසුගිය සෙනසුරාදා (02) දින පැවැත්විණි.
2019-03-04 00:43:03
මෝටර් රථ ක්‍රීඩා ක්ෂේත්රයට නව ජීවයක් ලබාදීමේ අපේක්ෂාවෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා මෝටර් රථ ක්‍රීඩා කමිටුවේ (SLAMSC) ප්‍රධානී මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි ගේ ප්‍රධානත්වයෙන් සංවිධානය කරනු ලැබූ අන්තර් රෙජිමේන්තු මෝටර් රථ ධාවන තරඟාවලිය - 2019, පසුගිය සෙනසුරාදා (2) දින ගජබා මෝටර් රථ ධාවන පථයේදී පැවැත්විණි.
2019-03-04 00:41:03
වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 54 වන සේනාංකයේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් විසින් පසුගිය සිකුරාදා (01) දිනට යෙදුන මහා ශීවරාත්රියට ප්‍රථම තිරුකෙතීෂ්වරන් කෝවිල් පරිශ්‍රය පිරිසිදු කිරීමේ ශ්‍රමදාන වැඩසටහනක් පවත්වනු ලැබීය.
2019-03-04 00:23:03
වසර 29 ක අභිමානවත් ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ නිලධාරීන් 10 ක් සහ සෙසුනිලයින් 25 ක් වෙත සංකේතාත්මකව රෙජිමේන්තුවට ආවේනික නිල ලාංඡන පැලඳවීමේ විශේෂ උත්සවයක් බ්‍රහස්පතින්දා (28) දින ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් නිශ්ශංක රණවන ගේ ප්‍රධානත්වයෙන් කුරුණෑගල පිහිටි එම රෙජිමේන්තු මධ්‍යස්ථාන සරඹ භූමියේ දී සිදු කෙරිණි.
2019-03-04 00:22:03
වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය විසින් සංවිධානය කරනු ලබන අන්තර් සේනාංක ක්‍රිකට් තරඟාවලිය - 2019 හි අවසන් තරඟය පෙබරවාරි මස 28 වන දින මන්නාරම පිහිටි 54 වන සේනාංක මූලස්ථාන ක්‍රීඩාංගණයේ දී පැවැත්විණි.
2019-03-04 00:16:54
ඔඩ්ඩුසුඩාන් පිහිටි 64 වන සේනාංකයේ 12 වන සේනාංකාධිපති ලෙස බ්‍රිගේඩියර් ඩබ්ලිව්.ඩි.සී.කේ. කොස්තා බ්‍රහස්පතින්දා (28) දින ආගමික වතාවත් මධ්‍යයේ නව ධූරයේ රාජකාරී ඇරඹූහ.සේනාංක මූලස්ථාන පරිශ්‍රය වෙත සපැමිණි නව සේනාංකාධිපතිතුමන් වෙත එම සේනාංකයේ භට පිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු සම්මාන මුරයක් සහ සම්මාන ආචාර පෙළපාලියක් පිරීනැමීය. අනතුරුව, සිය කාර්යාලයේ දී සංකේතාත්මක නිල ලේඛණයකට අත්සන් තබමින් නව සේනාංකාධිපතුමන් සිය ධූරයේ රාජකාරී භාරගත්හ.