04th March 2019 00:23:03 Hours
වසර 29 ක අභිමානවත් ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ නිලධාරීන් 10 ක් සහ සෙසුනිලයින් 25 ක් වෙත සංකේතාත්මකව රෙජිමේන්තුවට ආවේනික නිල ලාංඡන පැලඳවීමේ විශේෂ උත්සවයක් බ්‍රහස්පතින්දා (28) දින ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් නිශ්ශංක රණවන ගේ ප්‍රධානත්වයෙන් කුරුණෑගල පිහිටි එම රෙජිමේන්තු මධ්‍යස්ථාන සරඹ භූමියේ දී සිදු කෙරිණි.
වර්ෂ 2009 මැයි මාසයට ප්‍රථම පැවැති මානුෂීය මෙහෙයුමේ දී ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ භට පිරිස් අනෙකුත් සහෝදර රෙජිමේන්තු සමඟ එක්ව සටන්බිමේ ජයග්‍රහණයන් වෙනුවෙන් ඔවුන්ගේ හැකියාවන් පෙන්නුම් කරමින් කරන ලද දායකත්ව ඇගයුමට ලක් කරමින් මෙම නිල ලාංඡනය පලඳවනු ලැබීය. තවද මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් ඒ.ජි. ගුණවර්ධන, ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ නියෝජ්‍ය මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් එස්.ජි.එන්. මහේෂ් කුමාර, අණදෙන නිලධාරීන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, අනෙකුත් නිලධාරීන්, ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළු රෙජිමේන්තු මූලස්ථාන බළඇණියේ මාණ්ඩලික නිලධාරීන්, බළලත් නිලධාරීන් සහ සෙසුනිලයින් රැසක් එක්ව සිටියහ. Running sports | Trending