Header

Sri Lanka Army

Defender of the Nation

04th March 2019 00:41:03 Hours

54 වන සේනාංකයේ භට පිරිස් මහා ශීවරාත්‍රියට ප්‍රථම කෝවිල් පරිශ්‍රය පිරිසිදු කරයි

වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 54 වන සේනාංකයේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් විසින් පසුගිය සිකුරාදා (01) දිනට යෙදුන මහා ශීවරාත්‍රියට ප්‍රථම තිරුකෙතීෂ්වරන් කෝවිල් පරිශ්‍රය පිරිසිදු කිරීමේ ශ්‍රමදාන වැඩසටහනක් පවත්වනු ලැබීය.

මෙම ශ්‍රමදාන වැඩසටහන 54 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් සෙනරත් බණ්ඩාර ගේ අධීක්‍ෂණය යටතේ සංවිධානය කෙරිණි.

යුද්ධ හමුදා නිලධාරීන් 05 ක් සහ ‍සෙසුනිලයින් 85 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමකගේ සහභාගීත්වයෙන් පැවැති මෙම ශ්‍රමදාන වැඩසටහන දිවා කාලය පුරාම ක්‍රියාත්මක විය. යුද්ධ හමුදාව ලබාදුන් දැවැන්ත සහයෝගය වෙනුවෙන් කෝවිලේ ලේකම්වරයා සහ කෝවිල් කමිටුව සිය කෘතඥතාවය පුද කර සිටියහ. Running Sneakers | NIKE