2019-11-25 21:40:20
උණගලවෙහෙර රජමහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය ගිරිතලේ ඥාණස්සර හිමිපාණන් විසින් කරන ලද ඉල්ලීමකට අනුව, නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රසික ප්‍රනාන්දු ගේ උපදෙස් මත එම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත ඉදිරි නඩත්තු පෙදෙස - නැගෙනහිර භටපිරිස් ඉකුත් බදාදා (27) දින විහාරස්ථාන පරිශ්‍රය පිරිසිදු කිරීමේ ශ්‍රමදාන ව්‍යාපෘතියක් දියත් කරන ලදී.
2019-11-25 21:12:20
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉංජිනේරු බලකා සාමාජිකයින් ඉකුත් සෙනසුරාදා (23) දින පනාගොඩ ඉංජිනේරු බලකා රෙජිමේන්තු මූලස්ථානයේ පිහිටි රණවිරු ස්මාරකය අභියස පැවති උත්සවයක දී මියගිය රණවිරුවන්ගේ මතකය ආවර්ජනය කරන ලදී. ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා ඉංජිනේරු බලකා රෙජිමේන්තුවේ.....
2019-11-25 21:00:20
බටහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් මහින්ද මුදලිගේ නව ධූරයේ රාජකාරී භාරගැනීමෙන් අනතුරුව ඉකුත් බදාදා (27) දින 114 වන බලසේනා මූලස්ථානයේ සහ 11 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ ප්‍රථම නිල සංචාර සිදුකරන ලදී.
2019-11-25 20:45:27
කිලිනොච්චි, භාරතීපුරම් ප්‍රදේශයේ පිහිටි ශ්‍රී ලංකා බැප්ටිස්ට් දේවස්ථානයේ අභිනවයෙන් ඉදිකරනු ලැබූ ‘හ්යුන්සියෝ ජෝ සහ ජියොන් නොහ්’ (Hyunseo Jo and Jiyeon Noh) අනුස්මරණ පුස්තකාලය විවෘත කිරීමේ උත්සවය ඉකුත් අඟහරුවාදා (26) දින පැවැති අතර එම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය සහභාගි විය.
2019-11-25 20:30:27
නුඳුරේදී යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම ගනු ලබන ප්‍රධාන ක්ෂේත්‍ර ඉංජිනේරු මේජර් ජෙනරාල් තිස්ස නානායක්කාර ඇගයුමට ලක් කරමින් ඉකුත් සුඳුදා (25) දින ශ්‍රී ලංකා ඉංජිනේරු බලකා රෙජිමේන්තු මූලස්ථානයේ දී සිය රෙජිමේන්තුවේ ගෞරවාචාරය පිරිනමනු ලැබීය.
2019-11-25 19:12:20
යාන්ත්‍රික පාබල රෙජිමේන්තුව විසින් පැවැත්වූ තරුණ නිලධාරි පුහුණු පාඨමාලා අංක 08 සාර්ථකව අවසන් කල යුද්ධ හමුදා සාමාජිකයින්ට සහතිකපත් ප්රදානය කිරීමේ උත්සවය ඉකුත් අඟහරුවාදා (26) දින අයියකච්චි යාන්ත්‍රික පුහුණු පාසලේදී පැවැත්විණි. ඉන් අනතුරුව පැවති සහති ප්‍රධානෝත්සවයේදී යාන්ත්‍රික පාබල පුහුණු පාඨමාලාව....
2019-11-25 18:12:20
52 වන සේනාංකය යටතේ ඇති 523 වන බලසේනා මුලස්ථානයේ යුද්ධ හමුදා සාමාජිකයින් විසින් සිවිල් පරිත්‍යාගශිලීන්ගේ අනුග්‍රහය ඇතිව වාවකච්චේරි හි මඩ්ඩුවිල් සරස්වතී විද්‍යාලයේ අඩු ආදායම්ලාභි සිසුන් දිරිමත් කිරිමේ අරමුණින් පාසල් උපකරණ පරිත්‍යාග කිරිමේ වැඩසටහනක් සංවිධානය කරන ලදී.
2019-11-25 17:22:27
විශ්‍රාමික ප්‍රවීණයන් දෙදෙනෙකු වන ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 2 වන ගජබා රෙජිමේන්තුවට අයත් (විශ්‍රාමික) සාමාන්‍ය සෙබල ආර්.ඩබ්ලිව්.වී. පියතිස්ස සහ ශ්‍රී ලංකා නාවික හමුදාවේ (විශ්‍රාමික) බලලත් නිලධාරි එම්.බී.ඩබ්ලිව්. කුමාර යන විරුවන් දෙදෙනා ඉකුත් සිකුරාදා (22) දින යාපනය අර්ධද්වීපයේ...
2019-11-25 15:22:27
ශ්‍රී ලංකා යුද්ධ හමුදා පිරිස් පරිපාලන අධ්යක්ෂ මණ්ඩලයේ නව අධ්යක්ෂ ලෙස විජයබාහු පාබල රෙජිමේන්තුවේ බ්‍රිගේඩියර් සිසිර පිලපිටිය අද (25) දින උදෑසන ශ්‍රී ජයවර්ධනපුර පිහිටි යුද්ධ හමුදා මූලස්ථානයේදී සිය ධූරයේ රාජකාරි ආරම්භ කරන ලදී. මීට ප්‍රථම මෙම ධූරය හෙඹවු බ්‍රිගේඩියර් සෙනරත් නිවුන්හැල්ල ජනාධිපති ලේකම් කාර්යාලයේ නව පත්වීම භාරගැනීමෙන්...
2019-11-25 14:22:27
නව වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රෝහිත ධර්මසිරි නව තනතුරට පත්වීමෙන් අනතුරුව ඉකුත් දින දෙක තුල දී ආගමික පූජකයින් බැහැදැකීමට මෙන්ම වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ඇති සේනාංක, බලසේනා මෙන්ම ඒකකයන්හී ද සංචාරයක නිරත විය.