Header

Sri Lanka Army

Defender of the Nation

25th November 2019 21:12:20 Hours

ශ්‍රී ලංකා ඉංජිනේරු බලකා භටපිරිස් මියගිය රණවිරුවන් අනුස්මරණය කරයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉංජිනේරු බලකා සාමාජිකයින් ඉකුත් සෙනසුරාදා (23) දින පනාගොඩ ඉංජිනේරු බලකා රෙජිමේන්තු මූලස්ථානයේ පිහිටි රණවිරු ස්මාරකය අභියස පැවති උත්සවයක දී මියගිය රණවිරුවන්ගේ මතකය ආවර්ජනය කරන ලදී.

ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා ඉංජිනේරු බලකා රෙජිමේන්තුවේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් ජගත් ගුණවර්ධන සහභාගී වූ අතර එතුමන් ප්‍රමුඛ ජ්‍යෙෂ්ඨ නිලධාරින්, භාර්යාවන්, ළමුන් හා ළඟම ඥාතින් ද පුෂ්පෝපහාර දැක්වීමේ උත්සවයට මෙන්ම ස්මාරකය ආලෝකමත් කිරීම සඳහා සහභාගී වූහ. ජාතික ගීය, යුද්ධ හමුදා ගීතය සහ ශ්‍රී ලංකා ඉංජිනේරු බලකා ගීතය ගායනා කිරීම, ගුණකථනය, ආගමික වතාවත් හී නිරත වීම මෙන්ම මිනිත්තු දෙකක නිශ්ෂබ්දතාවයක් පැවැත්වීම මෙම උත්සවයේ ප්‍රධාන අංගයන් විය. මියගිය රණවිරුවන්ට උපහාර පිණිස ‘රණ බෙර’ වාදනය කිරීම මෙම අවස්ථාවට වර්ණවත් බවක් එක් කලහ.

ඉන් පසුව, ශෝකාකුල බැග් පයිප(ර්)ස් වාදනය මධ්‍යයේ මේජර් ජෙනරාල් ජගත් ගුණවර්ධන මෙන්ම මියගිය රණවිරුවන්ගේ භාර්යාවන් සහ ඔවුන්ගේ ළඟම ඥාතීන් විසින් රණවිරුවන් සිහි කරමින් ඔවුන්ට පුෂ්පෝපහාර දක්වන ලදී. එදිනම සවස් වරුවේ ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ මියගිය රණවිරුවන්ට පිං අනුමෝදන් කිරීමේ අරමුණින් පිරිත් සජ්ඣායනාවක් පැවැත්වූ අතර ඉන් පසුදා උදෑසන මහා සංඝරත්නය විශයෙහිලා සාංගික දානය පිළිගන්වනු ලැබීය.Sports brands | M2k Tekno