Header

Sri Lanka Army

Defender of the Nation

25th November 2019 21:00:20 Hours

බටහිර ආරක්‍ෂක සේනා ආඥාපති සිය බලප්‍රදේශයේ සංචාරයක

බටහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් මහින්ද මුදලිගේ නව ධූරයේ රාජකාරී භාරගැනීමෙන් අනතුරුව ඉකුත් බදාදා (27) දින 114 වන බලසේනා මූලස්ථානයේ සහ 11 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ ප්‍රථම නිල සංචාර සිදුකරන ලදී.

114 වන බලසේනා මූලස්ථානය වෙත සපැමිණි බටහිර ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන්ව එම බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ඒ.සී. ලමාහේවා විසින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව බලසේනා මූලස්ථානයේ රාජකාරී සහ වගකීම් පිළිබඳ ආඥාපතිතුමන් දැනුවත් කරන ලදී. 11 වන විජයබාහු පාබල රෙජිමේන්තු මූලස්ථානය වෙත සපැමිණි බටහිර ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන් වෙත එම ඒකකයේ භටපිරිස් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු සම්මාන මුරයක් පිරිනමන ලදී.

ඉන් අනතුරුව, එතුමන් සපුගස්කන්ද තෙල් පිරිපහදු මධ්‍යස්ථානය, උප විදුලි බලාගාරය, ඔරුගොඩවත්ත තෙල් ගබඩාව සහ කැළණිතිස්ස විදුලි බලාගාරයෙහි සංචාරය කර එම ස්ථානයන්හි ආරක්‍ෂාව පිළිබඳ සොයා බැලීය. Asics footwear | Nike