Header

Sri Lanka Army

Defender of the Nation

25th November 2019 21:40:20 Hours

ඉදිරි නඩත්තු පෙදෙස - නැගෙනහිර භටපිරිස් විහාරස්ථාන පරිශ්‍රය පිරිසිදු කිරීමේ ශ්‍රමදාන ව්‍යාපෘතියක් දියත් කරයි

උණගලවෙහෙර රජමහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය ගිරිතලේ ඥාණස්සර හිමිපාණන් විසින් කරන ලද ඉල්ලීමකට අනුව, නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රසික ප්‍රනාන්දු ගේ උපදෙස් මත එම ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත ඉදිරි නඩත්තු පෙදෙස - නැගෙනහිර භටපිරිස් ඉකුත් බදාදා (27) දින විහාරස්ථාන පරිශ්‍රය පිරිසිදු කිරීමේ ශ්‍රමදාන ව්‍යාපෘතියක් දියත් කරන ලදී.

ඉදිරි නඩත්තු පෙදෙස - නැගෙනහිර ආඥාපති මේජර් ජෙනරාල් වසන්ත මාදොල ගේ අධික්‍ෂණය යටතේ යුද්ධ හමුදා සාමාජිකයින් 150 කට අධික පිරිසක් භික්‍ෂුන් වහන්සේලා සමඟ එක්ව මෙම ශ්‍රමදාන ව්‍යාපෘතිය සාර්ථකව සිදුකරනු ලැබීය. Sneakers Store | AIR MAX PLUS