Header

Sri Lanka Army

Defender of the Nation

25th November 2019 15:22:27 Hours

නව පිරිස් පරිපාලන අධ්‍යක්‍ෂ රාජකාරි අරඹයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පිරිස් පරිපාලන අධ්‍යක්‍ෂ මණ්ඩලයේ නව අධ්‍යක්‍ෂ ලෙස විජයබාහු පාබල රෙජිමේන්තුවේ බ්‍රිගේඩියර් සිසිර පිලපිටිය අද (25) දින උදෑසන ශ්‍රී ජයවර්ධනපුර පිහිටි යුද්ධ හමුදා මූලස්ථානයේදී සිය ධූරයේ රාජකාරි ආරම්භ කරන ලදී.

මීට ප්‍රථම මෙම ධූරය හෙඹවු බ්‍රිගේඩියර් සෙනරත් නිවුන්හැල්ල ජනාධිපති ලේකම් කාර්යාලයේ නව පත්වීම භාරගැනීමෙන් අනතුරුව එම තනතුර සඳහා බ්‍රිගේඩියර් සිසිර පිලපිටිය පත්විය. කාර්යාලය වෙත සපැමිණි නව පිරිස් පරිපාලන අධ්‍යක්‍ෂ තුමන් මාණ්ඩලික නිලධාරීන් කිහිපදෙනෙකු සමඟ එක්ව ආගමික වත්පිළිවෙත් වල නිරත වෙමින් සම්ප්‍රදායික පොල්තෙල් පහන දැල්විය.

අනතුරුව කෝට්ටේ ශ්‍රී දළදා රජ මහා විහාරයේ පුජ්‍ය අළුත්නුවර අනුරුද්ධ නායක හිමියන් ඇතුළු මහා සංඝරත්නය එක්ව එතුමන්ගේ නව පත්වීමට ආශිර්වාද එක් කළහ. අනතුරුව එතුමන් සංකේතාත්මත නිල ලේඛණයට අත්සන් තබමින් සිය කාර්යාලයේදී නව ධූරයේ රාජකාරී ආරම්භ කරන ලදී.

බ්‍රිගේඩියර් පිලපිටිය මීට ප්‍රථම මාදුරුඔය පිහිටි යුද්ධ හමුදා පුහුණු පාසලේ සේනාවිධායක ලෙස රාජකාරි කළේය. spy offers | Nike Off-White