Header

Sri Lanka Army

Defender of the Nation

25th November 2019 20:45:27 Hours

බැප්ටිස්ට් දේවස්ථානයේ අනුස්මරණ පුස්තකාලය විවෘත කරයි

කිලිනොච්චි, භාරතීපුරම් ප්‍රදේශයේ පිහිටි ශ්‍රී ලංකා බැප්ටිස්ට් දේවස්ථානයේ අභිනවයෙන් ඉදිකරනු ලැබූ ‘හ්යුන්සියෝ ජෝ සහ ජියොන් නොහ්’ (Hyunseo Jo and Jiyeon Noh) අනුස්මරණ පුස්තකාලය විවෘත කිරීමේ උත්සවය ඉකුත් අඟහරුවාදා (26) දින පැවැති අතර එම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය සහභාගි විය.

දකුණු කොරියානු ග්ලෝබල් මිෂන් දේවස්ථානය (South Korean Global Mission Church) විසින් ඉදිකරන ලද පුස්තකාලය විවෘත කිරීමේ උත්සවය සඳහා ප්‍රදේශයේ සිසුන් සහ ජනතාව සහභාගි වූහ. මෙම ව්‍යාපෘතිය සාර්ථකව නිම කිරීම සඳහා ජ්‍යෙෂ්ඨ දේවගැති පූජ්‍ය සුං ඉයුන් ඩේවිඩ් චෝයි පියතුමන්ගේ (Rev. Sung Eun David Choi) අධීක්‍ෂණය හා සහයෝගය ලබාදුන්හ.

දේවගැතිවරුන්ගේ ආශිර්වාදය මධ්‍යයේ ප්‍රධාන ආරාධිත අමුත්තා විසින් සම්ප්‍රදායානුකූල පොල්තෙල් පහන දැල්වීමෙන් අනතුරුව සංකේතාත්මක පීත්ත පටිය කපා නව පුස්තකාල ගොඩනැගිල්ල විවෘත කරන ලදී.

57 වන සේනාංකයේ සේනාංකාධිපති ඇතුළු අනෙකුත් නිලධාරීන් විශාල පිරිසක් සිවිල් වැසියන් සමඟ මෙම අවස්ථාවට සහභාගි වූහ. Authentic Nike Sneakers | NIKE RUNNING SALE